රෝස පැහැයෙන් හැඩවුණු අනුෂ්කා හා විරාත් කෝලි - ආගමික සංගීත සැඳෑවක සුන්දර මොහොතක්

By Malith Madushan Oct 26, 2026 07:20 AM GMT
Report

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී අනුෂ්කා ශර්මා මුම්බායිහි පැවැති ආගමික සංගීත වැඩසටහනකට එක්ව සිටීම මේ වන විට සමාජ මාධ්‍යවල අවධානයට ලක්ව තිබේ.

ඇමරිකානු ගායක ක්‍රිෂ්ණා දාස්ගේ සජීවී කීර්තන් සංගීත ප්‍රසංගය සඳහා මෙම යුවළ පසුගිය ඔක්තෝබර් 25 වැනිදා සහභාගී වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම අවස්ථාවට එක්වූ අනුෂ්කා සාම්ප්‍රදායික රෝස පැහැති ඇඳුමකින් සැරසී සිටි අතර, විරාත් කෝලි සරල ටී ෂර්ට් එකකින් සහ කලිසමකින් සැරසී සිටීම විශේෂත්වයකි.

අනුෂ්කාගේ ඇඳුම වටකුරු කරක් සහ දිගු අත් සහිත ඇනර්කලි කුර්තාවකින් සමන්විත වූ අතර, ඊට ගැළපෙන කලිසමක් සහ රිදී පැහැති මූකායිෂ් මෝස්තරවලින් අලංකාර කළ දුපට්ටාවක් ද ඇය පැළඳ සිටියාය.

ඇය සිය පෙනුමට ගැළපෙන පරිදි පබළු මාලයක්, රන් පැහැති කරාබු, මුදු සහ කොල්හාපුරි සෙරෙප්පු තෝරාගෙන තිබුණි. සරල වේශ නිරූපණයකින් සහ පැත්තකට බෙදා විවෘතව තැබූ කොණ්ඩා මෝස්තරයකින් ඇගේ පෙනුම තවත් කැපී පෙනුණි.

රන්බීර් කපූර්ගේ ලක්ෂ 35ක ඔරලෝසුවේ සැඟවුණු සික් උරුමයේ කතාවක් හෙළිවෙයි

රන්බීර් කපූර්ගේ ලක්ෂ 35ක ඔරලෝසුවේ සැඟවුණු සික් උරුමයේ කතාවක් හෙළිවෙයි

මෙම සංගීත වැඩසටහනේදී විරාත් සහ අනුෂ්කා එකිනෙකා අසල අසුන්ගෙන සංගීතයට අනුව සෙමින් සෙලවෙමින්, ආගමික ගායනයන්ට එක්වන අයුරු දැක්වෙන වීඩියෝ ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබේ.

එහිදී ඔවුන් “හරේ රාම්” යනුවෙන් ගායනා කරන අයුරු ද දැකගත හැකිය. ක්‍රිෂ්ණා දාස්ගේ ඉන්දීය සංචාරයේ කොටසක් ලෙස මෙම සංගීත සැඳෑව පැවැත්වී ඇත.

සාම්ප්‍රදායික ඉන්දීය ආධ්‍යාත්මික සංගීතය සහ බටහිර සංගීත ආභාසයන් මුසු කරමින් භක්ති ගීත ගායනා කිරීම සම්බන්ධයෙන් ක්‍රිෂ්ණා දාස් ප්‍රසිද්ධියක් උසුලයි.

විරාත් සහ අනුෂ්කා මෙවැනි ආගමික සංගීත වැඩසටහනකට එක්වූ පළමු අවස්ථාව මෙය නොවේ.

2024 ජූලි මාසයේදී ලන්ඩනයේ යුනියන් චැපල්හි පැවැති ක්‍රිෂ්ණා දාස්ගේ සමාන සංගීත වැඩසටහනකට ද ඔවුන් සහභාගී වී තිබුණි.

එමෙන්ම, නීම් කරෝලි බාබාගේ ඉගැන්වීම් කෙරෙහි ඇති භක්තිය සහ වෘන්දාවනයේ ආධ්‍යාත්මික නායක ප්‍රේමානන්ද මහාරාජ් හමුවීමට අවස්ථා කිහිපයකදී ගොස් තිබීම හේතුවෙන් ද මෙම යුවළගේ ආධ්‍යාත්මික උනන්දුව පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.

බොලිවුඩය හොල්ලපු SRK - දීපිකා සුපිරි යුවළ යළිත් එකට! ‘King’ චිත්‍රපටයේ දැවැන්ත ගීතයේ රූගත කිරීම්

බොලිවුඩය හොල්ලපු SRK - දීපිකා සුපිරි යුවළ යළිත් එකට! ‘King’ චිත්‍රපටයේ දැවැන්ත ගීතයේ රූගත කිරීම්