වැඩිහිටි දිනය දවසෙම වැඩිහිටියන්ට සුබ ආරංචියක් - එනකල් බලා සිටි මේ දීමනාව අද සිට බැංකුවට
2026 සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව අද (01) දින අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව වැඩිහිටි දිනය යෙදී ඇති අද දිනම මෙවර ඔවුන්ට දීමනාව ලැබීම විශේෂත්වයක් වේ. අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 616,755 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 3,083.755ක මුදලක් වෙන් කර ඇති බව සඳහන්.
එසේම එහි දෙවන අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 79,063 දෙනෙකු සඳහා රුපියල් මිලියන 395.315ක මුදලක් වෙන් කර ඇත.
ඒ අනුව අදියර දෙක යටතේ වැඩිහිටියන් 695,818 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3,479.07ක මුදලක් ගෙවීමට නියමිතව ඇත.
එම ප්‍රතිලාභීන්ට අද (01) දින සිට සිය වැඩිහිටි දීමනා අස්වැසුම බැංකු ගිණුම් මඟින් ලබාගත හැකි බවයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.