අද සිට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට විශේෂ දෙයක් ලැබෙයි..

Report

කාබන් විමෝචනය අවම කරමින් ශුන්‍ය විමෝචන ඉලක්කය වෙත ළඟා වීම සඳහා වන රජයේ ජාතික ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරන්නට අද දිනයේදී අනුරාධපුරයේ කේන්ද්‍රකර ගනිමින් සිදු වුණා.

ඒ LTL සමූහ ව්‍යාපාරය විසින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද කිලෝවොට් 150 ක ධාරිතාවකින් යුත් සූර්යබල විදුලි පද්ධතිය සසුනට පූජා කිරීමේ මහගු කාර්යයයි.

සියලුම රථ වාහන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..මේ ගැන අවධානයෙන් ඉන්න..

සියලුම රථ වාහන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..මේ ගැන අවධානයෙන් ඉන්න..


අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේදී මෙම මැහැගි සත්ක්‍රියාව සිදු විය.

මේ අතර, අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ නවීන පහසුකම්වලින් සමන්විත පිහිනුම් තටාකය විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.