සියලුම රථ වාහන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..මේ ගැන අවධානයෙන් ඉන්න..

Report

අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා.

මාර්ගයේ ධාවන කරන එවැනි වාහන සම්බන්ධයෙන් 070 3500 525 යන වට්ස් ඇප් අංකයට පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බවයි, එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ.

පියුමි සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න..

පියුමි සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න..


වාහන බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින් පමණක් දුම් සහතිකය ලබා ගැනීම සිදුනොකරන ලෙස දසුන් ගමගේ මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

ව්‍යාජ උපක්‍රම ඔස්සේ දුම් සහතිකය ලබා ගැනීම ට බොහෝ පිරිස් පෙළඹී සිටිය ද, එම රථ වාහන මාර්ගයේ ධාවනය වන විට පොලිස් නිලධාරීන් සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවයිනේ සියලුම ප්‍රදේශවලදී අදාළ පරික්ෂාවන් සිදු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වසන්ත ඝාතනයට ප්‍රබලයෙක් අත්අඩංගවට ගනී..පොලීසියට දැඩි අවවාද..

වසන්ත ඝාතනයට ප්‍රබලයෙක් අත්අඩංගවට ගනී..පොලීසියට දැඩි අවවාද..


එම අවස්ථාවක දී අධික දුමක් පිට වන බවට නිරීක්ෂණය වුවහොත් අදාළ රථයේ හිමිකරුට විරුද්ධව නඩත්තු නියෝගයක් එසේත් නොමැති නම් තහනම් නියෝගයක් රථයට ලැබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.