වෛද්‍යවරිය දූෂණය කල පුද්ගලයාට ඇප

Report

අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දරුණු ලෙස දූෂණය කිරීමේ අපරාධයේ සැකකරු ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.

මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය සිකුරාදා දින ඔහුව රුපියල් 50,000ක මුදල් සහ ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත ඇප ලබා දී ඇත. නමුත් එම සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී නිවස තුළ තිබී අත්බෝම්බයක් හමුවීම මත නැවතත් ඔහුව අත්අඩංගුවට ගෙන මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ලසන්ත ඝාතනය පිටුපස සරත් ෆොන්සේකා?

ලසන්ත ඝාතනය පිටුපස සරත් ෆොන්සේකා?

2025 මාර්තු මස 11 දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ 32 හැවිරිදි විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක එදින රාත්‍රියේ තම නිල නිවාසය තුළදී නාඳුනන පුද්ගලයකු අතින් දූෂණයට ලක් විය.

වෛද්‍යවරිය සුපුරුදු පරිදි පොරොත්තු රාජකාරී සඳහා එම රෝහලේ සේවයට වාර්තාකර තිබූ අතර, පසුව රාජකාරී අවසන් කළ අදාළ වෛද්‍යවරිය රාත්‍රී 7ට පමණ රෝහලේ සිට ඊට ඉදිරිපසින් පිහිටි විශේෂඥ වෛද්‍ය නිලධාරීන් පමණක් පදිංචි වී සිටින නිල නිවාසය දක්වා ගමන්කර තිබේ.

එහිදී වෛද්‍යවරිය සිය නිල නිවසට ඇතුළුවන අවස්ථාවේ පසුපසින් පැමිණි කිසියම් පුද්ගලයෙකු එක්වරම පිහියක් ගෙලට තබා ඇය බියගන්වා පසුව වෛද්‍යවරියට කෑ ගැසීමට නොහැකි අයුරින් තදින් මුඛය බැඳ, ඇය විසින්ම නිල නිවසේ දොර විවෘත කරවාගත් අදාළ පුද්ගලයා, වෛද්‍යවරිය රැගෙන නිවස තුළට ඇතුළු වී කිසිවෙකුටත් ශබ්දය නොඇසෙන සේ දොර වසා දමා ඇත.

තාජුඩීන්ගේ දත් ගලවලා ගිනි තියලා මැරුවේ

තාජුඩීන්ගේ දත් ගලවලා ගිනි තියලා මැරුවේ

පසුව සැකකරු අදාළ වෛද්‍යවරියගේ දෑත් බැඳ, දෑස් වසා, කෘෘර ලෙස දූෂණය කර අනතුරුව සැකකාර පුද්ගලයා පළා ගොස් ඇත්තේ වෛද්‍යවරියගේ ජංගම දුරකථනය ද පැහැරගෙනය. සිද්ධියෙන් සුළු වේලාවකට පසු වෛද්‍යවරිය යළිත් රෝහල් වාට්ටුවට පැමිණ එහි දුරකථනයකින් සිය පියා අමතා තමන් මුහුණදුන් සිදුවීම දැනුම්දී ඇති බව වාර්තා වුණි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පසුව යුද හමුදා සේවයෙන් පළා ගොස් සිටි කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක නොහොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මධුර රත්නායක වන සැකකරුව අත්අඩංගුවට ගැනුණි. අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස ලබා පැමිණි අයෙක් බවද වාර්තා වේ.

කන්දට යට වුණ බස් රථයේ මිය ගිය මගීන් සංඛ්‍යාව 18ක් දක්වා ඉහළට

කන්දට යට වුණ බස් රථයේ මිය ගිය මගීන් සංඛ්‍යාව 18ක් දක්වා ඉහළට

ඔහු ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකු වන අතර, ඔහු චීවරධාරියෙකු ලෙස ද සිට ඇතැයි ද හෙළිව තිබේ. පසුව සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී හිංසනයට පත් වෛද්‍යවරිය විසින් හඳුනා ගනු ලැබීය.