අනුරාධපුර පුරාවිද්‍යා පර්යේෂණ යුනිස්කෝවට...

Report

අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙහිදී, රනිල් වික්‍රමසිංහ මහතා තන්ජෝර්, මදුරාසි සහ සාංචිපුරම් නගර ගැන අද ලෝකයම කථා කළද, එහි සිව් වන නගරය වූ අනුරාධපුරයේ එම දියුණුව ඇති කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බව පෙන්වා දුන්නේ ය.

නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 22ක් ජිවිතක්ෂයට...

නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 22ක් ජිවිතක්ෂයට...

තවද, ජනාධිපතිවරයා අනුරාධපුර නගරයේ සංස්කෘතික, අධ්‍යාපන, වෙළෙඳ සහ ආර්ථික වටිනාකම් ලෝකයට ගෙන යමින් එහි පුරාවිද්‍යාත්මක පර්යේෂණ කටයුතු ආරම්භ කිරීමට ඉදිරි සතියේ දී මෙරටට පැමිණෙන යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සමඟ සාකච්ඡා කරන බවත්, එම කටයුතු සඳහා සහාය දැක්වීමට ලොව විශ්වවිද්‍යාල ගණනාවක් මේ වන විට කැමැත්ත පළ කර තිබෙන බවත් පැවසීය.

අනුරාධපුරයේ සංචාරයක නිරත වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය..

Gallery