ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර විශේෂ හමුවක් සිදුව ඇත.
මෙම හමුව සිදුව ඇත්තේ ඊයේ (18) රාත්‍රී නවදීල්ලි නුවර භාරත් මණ්ඩපම්හිදී ය.
"AI Impact Summit 2026" සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවට ගොස් සිටින අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර මෙම හමුව සිදුව තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද ජනාධිපතිවරයා සහභාගී වූ බවයි
"AI Impact Summit 2026" සමුළුව සඳහා සභගිවීමට ඉන්දියාවට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) එම සමුළුව ඇමතීමට නියමිතව ඇත.
මෙම සමුළුව සඳහා සභාගීවීමට ජනාධිපතිවරයා පසුගිය 17 වන දින දිවයිනෙන් පිටත්ව ගියේය.
එ ලෙස ජනපති ඉන්දියාව බලා ගියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවයි.
කෘතිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් රාජ්‍ය නායකයින් සහ ලොව තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් නවදිල්ලි නුවර මෙම සමුළුව පවත්වනු ලබයි.
මෙම සමුළුව දින පහක් පුරා පැවැත්වේ
මේ සදහා රටවල් 20ක රාජ්‍ය නායකයින් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් එක්ව සිටින බව වාර්තා වේ.