වහාම ජනපති අනුර මැදිහත් වෙයි. - කාලගුණයෙන් විපතට පත් අයට මිලියන 84ක්. - දැනටමත් රු.මි 33ක් අතේ. - (VIDEO)

Anura Dissanayake Department of Meteorology Weather Floods In Sri Lanka AKD
By Wayomi Oct 14, 2024 10:53 AM GMT
Wayomi

Wayomi

Report

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට මේ වන විට මිලියන 84ක් රජයෙන් නිදහස් කර ඇති අතර මේ වන විට දිසාපතිවරුන් රු. මිලියන 33ක් ලබා දී ඇති බවත්, තවත් මිලියන 60ක් රජය සතු බවත්, අවශ්‍ය පරිදි එම මුදල් නිදහස් කරන බවත් ආපදා කළමනාකරණ ඒකකයේ අතිරේක ලේකම් කේ.ජී.ධර්මතිලක මහතා සඳහන් කළා.

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම හා කළුතර ජනතාවට කඩිනමින් සහන සැපයීම ප්‍රමුඛ කාර්යය කර ගන්න සහන ලබා දීම සඳහා අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන ලෙස දැනුම්දී තිබෙනවා.

මෙම වසරේදී ගංවතුර තත්ත්වය අවස්ථා දෙකකදී ඇති වූ බවත් ඒ අනුව නිරන්තරයෙන් ඇතිවන ගං වතුර පාලනය සඳහා නිශ්චිත හා තිරසර වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේ, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (14) පැවති සාකච්ඡාවේදීයි.

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම හා කළුතර ජනතාවට කඩිනමින් සහන සැපයීම ප්‍රමුඛ කාර්යය කර ගන්නා ලෙසත් , ඉන් පසුව දේපළ හානි පූර්ණය සඳහා කටයුතු කරන ලෙසත්, ජනාධිපතිවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබා දීම සඳහා මේ වන විටත් අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව තවත් මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට දන්වා සිටියා. 

මෙම වසරේදී මීට පෙර ඇති වූ ගංවතුර තත්ත්වයේදී දේපළ හානි පූර්ණ නොවූ ජනතාවගේ ගැටලු පිළිබඳවද සොයා බලා ඊට අදාළ වන්දි ලබාදීම් සිදු කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.