අනුරගෙන් රන්ජන්ට පූර්ණ ජනාධිපති සමාවක්.? - රන්ජන් ලංකාවට එනගමන් අහපු දේ බලන්නකෝ.
තමන්ට පූර්ණ ජනාධිපති සමාවක් ලැබේදැයි නව ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විමසීමක් කරනවා.
ඒ , ඔහු ඕස්ට්‍රේලියාවේ සංචාරයක් නිරත වී ආපසු ශ්‍රී ලංකාව පැමිනෙමින් සිටින අතරතුරයි.
රන්ජන් රාමනායක තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මේ බව විමසා සිටියා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් බන්ධනාගාර ගතකරන ලද රන්ජන් රාමනායක ජනාධිපති සමාව යටතේ නිදහස් වුවද එය පූර්ණ ජනාධිපති සභාවක් නොවීය.තවමත් ඔහුට දේශපානය, නීති සම්බන්ධයෙන් කිසිවක් කතා කිරීමට නොහැකි වන සේ වාරණයක් ද පනවා තිබෙනවා.
