සංචාරකයින්ගේ ආරක්ෂාව ගැන වහා රජය ගත්ත තීරණය ගැන.. ජනපති කීව දෙය මෙන්න..

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ශෝක් මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඒ අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණ.

මෙරටට පැමිණ සිටින සංචාරකයින්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විටත් තහවුරු කර ඇති බව ජනාධිපතිවරයා එහිදි සඳහන් කර තිබෙනවා.

එසේම ශ්‍රි ලංකාවේ අලි - මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේදී දකුණු අප්‍රිකාවෙන් ලබා ගත හැකි සහාය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇත.

රන් මිලට අද වුණේ මොකක්ද දන්නව ද?. මිල ගණන් මෙන්න..(PHOTO)

රන් මිලට අද වුණේ මොකක්ද දන්නව ද?. මිල ගණන් මෙන්න..(PHOTO)


දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක කරන සාම සහ ජාතික ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරිමට ද සහාය ලබා දෙන බව දකුණු අප්‍රිකානු මහකොමසාරිස්වරයා ජනාධිපතිවරයා හමුවේ පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා එක්ව ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය කිරිම සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ආරක්ෂක, තාක්ෂණ, කෘෂිකර්මාන්ත හා සංචාරක ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනයට දකුණු අප්‍රිකාවේ සහාය ලබා දෙන බව ද සැන්ඩිල් එඩ්වින් ස්කෝක් මහතා මෙහිදී සඳහන් කළේ ය.