ඉහළ අහසේ හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් - යානයක් ගිනිගෙන පොළොවට වැටී නියමුවෙක් මරුට

Report

අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ හැමන්ටන් නගරයට ඉහළ අහසේදී හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම අනතුරින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බව සඳහන්.

මෙම අනතුර ඊයේ දින (28) පෙරවරු 11:25 ට පමණ සිදුව ඇති අතර, ගැටීමෙන් පසු එක් හෙලිකොප්ටර් යානයක් ගිනිගෙන පොළොවට පතිත වී ඇති බව වාර්තා වේ.

ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) සඳහන් කරන ආකාරයට අනතුරට පත් යානා දෙකෙහිම ගමන් කර ඇත්තේ නියමුවන් පමණයි.

එමෙන්ම එක් නියමුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් නියමුවා ජීවිත අවදානම් සහිත බරපතළ තුවාල ලබා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව සඳහන්.

දෙවියනේ දරුණු දුම්රිය අනතුරක් - 13 මරුට

දෙවියනේ දරුණු දුම්රිය අනතුරක් - 13 මරුට

අහසින් වැටුණු අද්භූත වස්තුවක්? සාම්පූර් වෙරළ තීරයේ කලබලයක්

අහසින් වැටුණු අද්භූත වස්තුවක්? සාම්පූර් වෙරළ තීරයේ කලබලයක්

ලොවක් දන්න සුපිරි නළු තලපති විජේට අන්තිම තත්ත්පරේ වෙච්ච දෙයක් - දෙනෝ දාහක් මැද වැටිලා

ලොවක් දන්න සුපිරි නළු තලපති විජේට අන්තිම තත්ත්පරේ වෙච්ච දෙයක් - දෙනෝ දාහක් මැද වැටිලා