නවකවදය නිසා මිය ගිය සරසවි සිසුවා ගැන අන්තරේ දුක් වෙයි

Sabaragamuwa University Inter University Students Federation Crime Death Sinhala news
By Mithu May 01, 2025 05:22 PM GMT
Mithu

Mithu

Report

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකුගේ හදිසි මරණය සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් නිකුත් කර ඇති නිවේදනයක් පහත දැක්වෙයි. 

සබගරමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මරණයට හේතු හොයන්න කමිටුවක්

සබගරමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මරණයට හේතු හොයන්න කමිටුවක්

"සබරගමුව විශ්වවිද්‍යාලයේ, තාක්ෂණ පීඨයේ, ඉංජිනේරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන් සොයුරාගේ හදිසි අභාවය පිළිබඳ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු. මෙයට හේතුව නවකවද සිදුවීමක් බවට වූ චෝදනාවක් ඇති බැවින් මේ පිළිබඳව පටු න්‍යාය පත්‍ර වලින් තොර වූ පූර්ණ අපක්ෂපාතී විමර්ෂණයක් පවත්වන ලෙසත් චෝදනා සත්‍ය නම් විත්තිකරුවන්ට දඬුවම් පමුණුවන ලෙසත් අප ඉල්ලා සිටින අතර ඒ සඳහා වූ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ප්‍රකාශ කර සිටිමු. විශ්වවිද්‍යාල තුළ තවදුරටත් ශේෂව පවතින ගතානුගතික පසුගාමී සංස්කෘතික ලක්ෂණ පරාජයට පත් කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපත්, විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගම් ක්‍රියාවලිය තුළ බලවත් උත්සාහයක් දරමින් සිටිමු. නවකවදය වැනි පසුගාමීත්වයන්ගේ පැවතීම විසින් පරාජයන් විනා ශිෂ්‍ය ව්‍යාපාරයට අත් කරදුන් ජයග්‍රහණ කිසිවක් නැත. විශේෂයෙන්ම මෙවැනි සිදුවීම් ප්‍රබල තර්කයන් බවට පත් කරගනිමින් පාලකයින් අධ්‍යාපන පෞද්ගලිකකරණයට අදාළ තර්ක තහවුරු කරගැනීමට කටයුතු කරන අතර දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘති බවට පත්කර ගනී. එබැවින් නවකවදය වැනි සංස්කෘතික පසුගාමීකම් සමඟ ශිෂ්‍ය ව්‍යාපාරයට කිසිඳු සම්මුතියක් නැත. ශිෂ්‍ය ව්‍යාපාරයේ පැවැත්මට ද බාධාවක් වන පසුගාමී සංස්කෘතික ශේෂයන් විශ්වවිද්‍යාලවලින් තුරන් විය යුතු අතර ඒ සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අපත් ඇතුළුව සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාව තුළම බරපතල සංස්කෘතික සංවාදයක් ඇති කළ යුතු බව අපගේ අදහසයි. පවතින පසුගාමී සංස්කෘතික ශේෂයන් විශ්වවිද්‍යාලවලින් තුරන් කිරීමට මැදිහත්වන ලෙස අප සියලු විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගෙන් ඉල්ලා සිටිමු."

(මදුෂාන් චන්ද්‍රජිත්, කැඳවුම්කරු, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල)

සරසවි සිසුවාට වදදුන් සියල්ල දැලේ? අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි තීරණයකින් ..

සරසවි සිසුවාට වදදුන් සියල්ල දැලේ? අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි තීරණයකින් ..

ReeCha