ඇමතිවරු රැසක් විදෙස්ගත වීම සම්බන්ධයෙන් අලස්ගෙන් පිළිතුරු....

Ranil Wickremesinghe Sri Lanka Politician Tiran Alles Sri Lanka visa Election
By Parami Dissanayake Sep 11, 2024 02:56 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (11 වැනිදා) මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේ දී ජනාධිපතිවරණයෙන් පසු විදේශගතවීම සඳහා රජයට සම්බන්ධ මැති ඇමැතිවරු 80 දෙනෙක් මේ වන විට වීසා ලබාගෙන ඇති බවට විපක්ෂය විසින් සිදුකරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පවසා සිටියේ ය.

ඒ අනුව, මෙම අමාත්‍යවරයා පවසා සිටියේ, ජනාධිපතිවරණයෙන් පසු විදෙස්ගත වීම සඳහා වීසා ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් තමන්ට නොමැති බවයි.

ආපදා තත්ත්වය හේතුවෙන් තායිලන්තයේ සිව්දෙනෙකු ජිවිතක්ෂයට...

ආපදා තත්ත්වය හේතුවෙන් තායිලන්තයේ සිව්දෙනෙකු ජිවිතක්ෂයට...

මන්ද, එතුමා සතුව ලොව ඕනෑම රටක වසර 10ක කාලයක් ජීවත්වීම සඳහා විශේෂ වීසා බලපත්‍රයක් පවතින බැවිනි.

ඒ අනුව, අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"ඇතැම් ඇමැතිවරු වීසා ගත්තද කියන්න මම දන්නේ නෑ. නමුත් මම එහෙම වීසා අරගෙන නෑ. කාටවත් එහෙම රටින් පනින්න අවශ්‍යතාවක් වෙන්නේ නෑ. ඉදිරි මැතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිවාර්යෙන්ම ජයගන්නවා. අපි ආණ්ඩුවේ ඇමැතිවරු නම් ආණ්ඩුවේ ප්‍රධානියාට සහාය දැක්වීම අත්‍යවශ්‍ය කාරණයක්. රට සම්පූර්ණයෙන් ගොඩනැගීම සඳහා වත්මන් ජනාධිපතිතුමාට තවත් කාලය ලබාදිය යුතුයි. හදවතින් නොව මොළයෙන් හිතා කටයුතු කළ යුතුයි.''

යනුවෙන් පවසා සිටියේ ය.

ReeCha