විශේෂ සැලැස්මකට පොලිස් කණ්ඩායම් 02 ක් යොදවා කල මෙහෙයුමට ''පොල්කොටුවේ ගඩ්ඩා''කොටුවේ..

Report

ව්‍යාජ එන්ජින් අංක හා චැසි අංක කොටා කූඨ ලේඛන සකස්කර රථ වාහන විකුණූ "කලවාන පොල්කොටුවේ ගඩ්ඩා" නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාර් සේල් ව්‍යාපාරිකයෙකුව වලාන, මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ලද තොරතුරක් මත සැලැස්මකට අනුව, විශේෂ පොලිස් කණ්ඩායම් 02 ක් යොදවා රත්නපුර කලවාන ප්‍රදේශයේ දී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

යන යකා කොරහත් බිදගෙන යනවා වාගේ.. සැමියාගේ වකුගඩුවක් බලෙන් විකුණා මුදල් අරන් බිරිඳ පැන ගිහින්...

යන යකා කොරහත් බිදගෙන යනවා වාගේ.. සැමියාගේ වකුගඩුවක් බලෙන් විකුණා මුදල් අරන් බිරිඳ පැන ගිහින්...

එහිදී, රුපියල් කෝටි 07 ක් පමණ වටිනාකමකින් යුතු ව්‍යාජ රථ 05 ක් පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කලවාන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

පොලිස් භාරයට ගත් මෙම වාහන අතර ගර්හිත තත්ත්වයේ ඇති ධාවනය කළ නොහැකි ජපන් කැල්ටස් වර්ගයේ කාර් රථයේ චැසි කොටස එම කාර් රථයෙන් කූඨ ලෙස ඉවත් කර එම ස්ථානයේම තිබූ ජපන් සුසුකි වර්ගයේ කාර් රථයේ චැසි බද කොටසට පෑස්සුම් කර ඇති බවද විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

රට වටේ මුහුද තියාගෙන ලුණුත් ආනයනය කරන්න වෙලා තියෙන්නේ මෙන්න මේ නිසයි..සල්ලිනෙ මෙහෙම විනාශ වෙන්නේ..

රට වටේ මුහුද තියාගෙන ලුණුත් ආනයනය කරන්න වෙලා තියෙන්නේ මෙන්න මේ නිසයි..සල්ලිනෙ මෙහෙම විනාශ වෙන්නේ..

සැකකරුව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව රත්නපුර මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.  

You may like this video