ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට තවත් ලාංකිකයෙක්.
නිමා වූ 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන ක්‍රීඩක ගරුක සන්කෙත් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවාරය සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමගින් එක් ව ඇති බව වාර්තා වෙනවා.
වත්තල ලයිසියම් විද්‍යාලයීය ක්‍රීඩකයෙක් වන ගරුක 19න් පහළ කණ්ඩායමේ දී මෙන්ම පාසල් තරගවාර වලදී ද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූවෙකි.
මෙවර අයි. පී. එල් තරගාවලියේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ දැල් පන්දු යවන්නෙකු වශයෙන් කටයුතු කිරීමට නියමිත ගරුක ,ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට තරමක් සමාන පන්දු යැවීමේ ඉරියව්වක් සහිත ය.
2022 වසරේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා දැල් පන්දු යවන්නෙක් වශයෙන් මතීෂ පතිරණ එක්වූ අතර පසුව ඔහු චෙන්නායි කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු බවට ද පත් විය.
මෙවර තරගාවලියේදී ශයි හෝප්, ඩේවිඩ් වෝර්නර් සහ රිශාබ් පාන්ට් වැනි පිතිකරුවන් ඇතුළු දිල්ලි පිතිකරුවන්ට එරෙහිව පුහුණු දැල තුළ දී පන්දු යොමු කිරීම ගරුකට අගනා අවස්ථාවක් වනු ඇත.
...........................................................
May you Like
