අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සහ ව්‍යාපාරිකයාට ලබා දුන් අධිකරණ නියෝගය..
By Piyumika
රුපියල් ලක්ෂ අනුවක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ, ටොරින්ටන් ඇවනිව් හී පිහිටි ඉඩමක් පවරා ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු වන්දි මුදලින් කොටසක් කඩිනමින් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගත් අවස්ථාවේදී මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත්දා අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
You may like this video