හරක් කටාගෙන් තවත් පෙත්සමක්...

By Parami Dissanayake Jul 02, 2024 05:30 PM GMT
Report

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී පොලිස් අත්අඩංගුවෙන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට එරෙහිව නඩු ගොනු කර තිබෙනවා.

අද (02) ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ඉලෙක්ට්‍රොනික සාක්ෂි ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

යාපනයේ ජනතාවට ඉන්දියාවෙන් ජාල ටැංකි ...

යාපනයේ ජනතාවට ඉන්දියාවෙන් ජාල ටැංකි ...

අදාල සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ, ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හරක් කටා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම කැඳවනු ලැබූ අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මෙම දැනුම් දීම සිදු කළාය.

පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී පෙත්සම්කාර හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්කරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කළේය.

එබැවින් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණ හමුවේ ගොනු කර තිබෙන නඩුව විභාග කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් කියා සිටියේ මෙම අධිචෝදනා පත්‍රවලට අදාළ ඉලෙක්ට්‍රොනික සාක්ෂි ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවත් ඊට අදාළ නොතීසි භාර දී එම කාර්යයන් ඉටුකිරීමට සඳහා දින 45 ක කාලයක් ගතවන බවයි.

ඔලිම්පික් වරම් ලැබූ තරුෂි සහ දිල්හානි...

ඔලිම්පික් වරම් ලැබූ තරුෂි සහ දිල්හානි...

එම නිසා අවම වශයෙන් දින 45 ක් අවසන් වන තුරු නඩු විභාගය ආරම්භ කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය එබැවින් කොළඹ මහාධිකරණ හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත් හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අවශ්‍ය නොවන බවත් සඳහන් කර සිටියාය.

ඉන් අනතුරුව මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සැප්තැම්බර් මස 12 වනදාට පෙර ගොනු කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළ විනිසුරු වරයා පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 19 වනදා කැදවන ලෙසත් නියෝග කළේය.