යාපනයේ ජනතාවට ඉන්දියාවෙන් ජාල ටැංකි ...

By Parami Dissanayake Jul 02, 2024 05:19 PM GMT
Report

යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට පානිය ජලය සපයා ගැනීම සඳහා වැසි ජලය රැස්කර ගැනීමේ ටැංකි ඉදිකිරීමට ඉන්දියාව ඉදිරිපත්වී තිබෙනවා. 

ඒ අනුව ජාල ටැංකි 3000ක් ඉදිකිරීමට ඉන්දීය රජය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා 2016 - 10 - 25 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණා.

ඔලිම්පික් වරම් ලැබූ තරුෂි සහ දිල්හානි...

ඔලිම්පික් වරම් ලැබූ තරුෂි සහ දිල්හානි...

කෙසේ වෙතත්, ෆෙරෝ සිමෙන්ති ටැංකි වෙනුවට පීවීසී චැසි ජල ටැංකි 1831ක් ස්ථාපිත කිරීමටත් 2022 -10 -10 පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.

එම ව්‍යාපෘතියේ ඉතිරිව ඇති මුදල් වලින් ටැංකි 934ක් ස්ථාපනය කිරීමට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගෙන ආ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.