ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ ප්‍රබල සැකකරුවෙක් අත්අඩංගුවට ..

By Piyumika Sep 17, 2024 06:20 AM GMT
Report

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

ලද තොරතුරට කල වැටලීමේදී හමු වූ ඇස උඩ යන දේ ..

ලද තොරතුරට කල වැටලීමේදී හමු වූ ඇස උඩ යන දේ ..

එම වෙඩි තැබීම සදහා යොදා ගත් උණ්ඩවල කේපීඅයි KPI ලෙස සටහන් කිරීම සහ මෝටර් රථයකින් සැකකරුවන් රැදී සිටි අතුරුගිරිය ගල්පොත්ත පාර ප්‍රදේශයට ගොස් එම සැකකරුවන් ප්‍රවාහනය කර ඇත්තේ මෙම සැකකරු බවද පොලිසිය පවසයි.

ඛේදනීය සිදුවිමක අවසන් පණිවිඩය ..

ඛේදනීය සිදුවිමක අවසන් පණිවිඩය ..

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අළුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි වෙළදසැලක අත් උදව්කරුවකු ලෙස කටයුතු කල අයෙකි.