කොංගෝ රාජ්‍යයේ තවත් වසංගතයක් : 50කට අධික පිරිසක් මියයයි

By Dharu Feb 26, 2025 03:30 PM GMT
Report

සති කිහිපයක් පුරා කොංගෝ රාජ්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින රෝග කාරකයක් හේතුවෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ මෙම රෝග කාරකය පළමුවෙන්ම හඳුනාගෙන ඇත්තේ වවුලෙකු ආහාරයට ගත් දරුවන් තිදෙනෙකු පැය 48 ක් ඇතුළත මිය යාමත් සමඟ බවය.

මෙම වසංගත තත්ත්වයේ රෝග ලක්ෂණ බොහෝ විට උණ, වමනය සහ අභ්‍යන්තර රුධිර වහනයවීම් දැක ගත හැකි බව සඳහන් වේ.

ඉබෝලා, ඩෙංගු සහ කහ උණ වැනි රෝග වලද "උණ රක්තපාත" තත්ත්වය සාමාන්‍යයෙන් දැක ගත හැකි වුවත්, ඉහත රෝගී තත්ත්වය සහිත රෝගීන්ගෙන් ගත් සාම්පල සමග සාමානවීමක් නොමැතිබව පර්යේෂකයන් පවසයි.

මෙම වසංගත රෝගය කොංගෝ රාජ්‍යයේ පැතිරීම ජනවාරි 21 වන දින ආරම්භ වූ අතර මේ වන විට රෝගීන් 419 ක් වාර්තා වී ඇති අතර මරණ 53 ක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

වන සතුන් බහුලව ආහාරයට ගැනීම තුලින් සතුන්ගෙන් මිනිසුන්ට රෝග පැතිරීම ඉතා පහසුවෙන් සිදු වන බවත් පසුගිය දශකය තුළ අප්‍රිකාවේ එවැනි පැතිරීම 60% කට වඩා වැඩි අගයකින් වර්ධනය වී ඇත බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 

ආරක්ෂක ඇමතිකම ගෝඨාභයට භාර දීම සඳහා ඉල්ලීම

ආරක්ෂක ඇමතිකම ගෝඨාභයට භාර දීම සඳහා ඉල්ලීම

ගණේමුල්ලේ සංජීව ඝාතනය : සෙව්වන්දි ගැන කිව්වොත් ලක්ෂ 10ක්

ගණේමුල්ලේ සංජීව ඝාතනය : සෙව්වන්දි ගැන කිව්වොත් ලක්ෂ 10ක්