තවත් රෝගයක් සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීම්

Report

 මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

දන්ත ධාතූන් වහන්සේගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයට දලා පොලිස් පරීක්ෂණ ඇරඹේ

දන්ත ධාතූන් වහන්සේගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයට දලා පොලිස් පරීක්ෂණ ඇරඹේ

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි - ලෝකය යහපත් කිරීමේ අද්විතීය බලය ඇත්තේ කාන්තාවන්ට කියයි

ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි - ලෝකය යහපත් කිරීමේ අද්විතීය බලය ඇත්තේ කාන්තාවන්ට කියයි