චාමරට තවත් නඩුවක් විල්පත්තුවේ ඉල්මනයිට් ජාවාරමට සහය දීලා

Sri Lankan political crisis Bimal Rathnayake MP Chamara Sampath Dassanayake Sinhala news gagana news
By Mithu Aug 14, 2025 04:09 AM GMT
Mithu

Mithu

Report

විල්පත්තුව ජාතික වන උද්‍යාන යනු අධි සංවේදී පරිසර කලාපයකි.එම මායිමේ ඉල්මනයිට් සේදීමේ ස්ථානයක් පවත්වාගෙන යන අතර කිසිදු බියකින් තොරව මෙතරම් හානිදායක ලෙස එය පවත්වාගෙන යාම සිදුව ඇත්තේ දේශපාලකයන් තම හිතුමතයට කටයුතු කිරීමෙන් නිසා බැවින් සහ රාජ්‍ය නිලධාරීන්ට පවා මෙවැනි ව්‍යාපෘති පිළිබඳව නිසි තීරණ ගැනීමේ වාතාවරණයක් නොමැතිකම නිසා බව අනාවරණය වේ.

ඒ අනුව අරුවක්කාඩු ඉල්මනයිට් සේදීමේ ස්ථානය නීත්‍යනුකූල අවසරය පවා නොමැතිව පවත්වා ගෙන ගොස් ඇත්තේ හිටපු චාමර සම්පත් දසනායක ඇමතිවරයාගේ සෘජු මැදිහත් වීමෙන් බවට තහවුරු වී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායක ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා එම භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වීමෙන් අනතුරුව පැවසීය.වැඩිදුරටත් ඇමතිවරයා මෙසේ පැවසීය.

හංවැල්ලෙ වෙඩි වරුෂාවක් - "බුදු අම්මෝ කියලා කෑ ගහන සද්දේ ඇහුණා. .මම පුතාව බිම නිදිකරවා ගත්තා"

හංවැල්ලෙ වෙඩි වරුෂාවක් - "බුදු අම්මෝ කියලා කෑ ගහන සද්දේ ඇහුණා. .මම පුතාව බිම නිදිකරවා ගත්තා"

‘අපි මෙම ස්ථානයට සම්බන්ධ වන්නේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබෙන සිමෙන්ති සංස්ථාවට අයිති භූමියක් වීම හේතුවෙන්, දැනට සීමෙන්ති නිෂ්පාදනය කරන ඉන්සි සිමෙන්ති සමාගම් සිමෙන්ති නිෂ්පාදනයට හුණුගල් ලබා ගැනීමට පෙර තිබෙන පස් තට්ටුව තුළ තමා මෙම ඉල්මනයිට් සාන්ද්‍රණය යොදා ගනිමින් මෙම ස්ථානයෙහි ඉල්මනයිට් සේදීම කර තිබෙන්නේ.

මෙම ඉල්මනයිට් සැකසීමේ කර්මාන්තය සඳහා සිමෙන්ති සංස්ථාවෙන් ඉඩම් ලබා ගැනීමේදී කැබිනට් අනුමිතියක් නැතුව නීතිපතිගෙන් අනුමතකරගන්නේ නැතුව තනි කැමැත්තට බොලර් 50,000ක් ලබා දීමෙන් නියමු ව්‍යාපෘතියක් විදිහට කර තිබෙන්නේ. නමුත් නියමු ව්‍යාපෘතියක් අවුරුදු 30 ක කාලයට කරන්න පුළුවන් තමක් නැහැ.

අපි මෙම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීමෙන් පසු අනාවරණය කර ගත්තා, මධ්‍යම පරිසර අධිකාරිය,භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශය, පුරා විද්‍යා අංශවල අවසරයක් නැතිව මෙම කටයුතු කර තිබෙනවා. තමන්ට මේ සඳහා අනුමැතිය ලැබනවා යැයි පූර්ව නිගමනයකින්.

EPF සාමාජිකයින්ට විශේෂ දැනුම්දීමක් - පැමිණිලි සඳහා විශේෂ දුරකථන අංකයක්

EPF සාමාජිකයින්ට විශේෂ දැනුම්දීමක් - පැමිණිලි සඳහා විශේෂ දුරකථන අංකයක්

මෙම කටයුත්ත පිටුපස හිටපු ඇමති චාමර සම්පත් හිටියා කියන එක තහවුරු වී තිබෙනවා. ඇමතිවරයාගේ බලය යොදා ගනිමින් මෙම ආයතනය මෙම කටයුතු කර ඇති බවට තහවුරු වී තිබෙනවා. මෙය විල්පත්තුව ජාතික වන උද්‍යානය ආසන්නයෙහි තිබුණත් එය ආරක්ෂා වන ලෙස කටයුතු කර නැහැ.

ඉල්මනයිට් ඛනිජ නීත්‍යනුකුල රාමුව තුළ ලබා ගැනීමට හැකි නම් සියලු පාර්සරික නීතිවලට අවනත වෙමින් එය කරන්න අපි මැදිහත් වෙනවා. ලෝකය මේ වන විට ප්‍රග්ධනය උපයා ගන්නේ විවිධ ඛනිජ වලින්. ඒ නිසා මේ සමීපත නිසි ලෙස කැණීමේ හැකියාව පවතිනවාද යන්න අපි සොයා බලනවා. ඛනිජ සම්පත් භාවිතය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකසා එම ප්‍රතිපත්තිය අනුව කටයුතු කරන්න අපි සුදානම්.

පසුගිය කාලයෙහි සිදුවූ ලෙස දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් මෙවැනි පරිසර පද්ධති වනසා දමින්නට අපි ඉදිරියෙහිදී ඉඩ දෙන්නේ නැහැ. වැටලීම් කළ වලාන කණ්ඩායමට මෙන්ම මෙය හෙළි කළ මාධ්‍යයට ස්තුතියි කරනාවා රාජ්‍ය ආයතන මේ පිළිබදව කටයුතු ඇති ආකාරය අපි සොයා බලමින් සිටිනවා”

ඉහළ නිලධාරීන් සහ දේශපාලන චරිත මේ සඳහා කටයුතු කළ ආකාරය පිළිබඳවත් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමටත් නියමිත බව සඳහන් වේ.

කමල් අද්දර ආරච්චිට කරදරයක්?මෙන්න ඇත්තම විස්තරේ

කමල් අද්දර ආරච්චිට කරදරයක්?මෙන්න ඇත්තම විස්තරේ