ඔක්තෝබර් 1 සිට ඔබ භාවිත කරන අන්තර්ජාල සේවාවලට VAT

Economy of Sri Lanka Latest Headlines Value Added Tax​ (VAT) Sinhala news gagana news
By Shehan Jul 08, 2025 01:25 AM GMT
Shehan

Shehan

Report

අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ඩොලර් ආදායම් උපයන පුද්ගලයින් සඳහා එකතු කළ අගය මත බද්ද අය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙය ක්‍රියාත්මක වන්නෙ 2002 අන්ක 14 දරන එකතුකල අගය මත බදු පනතට සිදුකල 2025 අන්ක 4 දරන එකතු කල අගය මත බදු සන්ශෝදන පනත මගින්.

ඒ අනුව මෙම එකතු කල අගය මත බදු අය වීම සිදු වන්නෙ 2025 ඔක්තෝබර් 1 දිනට පසුව ලංකාවේ පාර්භෝගිකයන්ට විදේශයක සිට ඉලෙක්ට්‍රොනිකව සපයන සේවා ස්දහායි.

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

මෙහි අරමුන ලංකාවේ පාරිභෝගිකයන්ට සේවා සැපයීමේදී මිලට VAT එකතුකර සැපයුම් කරන බැවින් එලෙසටම විදේශීය රටවල සිට ලංකාවේ පාරිභෝගිකයන්ට සේවා සපයනවිට VAT එකතුකර මිල තීරනය වන ලෙස නීතිමය තත්වය සැකසීමයි. එබැවින් ලන්කාවේ භාන්ඩ හා සේවා මත අයවන VAT බදු අනුපාතයම මේ සදහා භාවිතා වනවා.

ඒ අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි හිමාලි ප්‍රනාන්දු මහත්මිය පසුගිය පළමු වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම සේවා සැපයීම්වලට අදාළව 18%ක එකතු කළ අගය මත බද්ද අය කිරීම ඔක්තෝබර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම මෙම බදු අයකිරීම් අදාළ සේවාවන් ලෙස සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම, මාර්ගගත වෙළෙඳසැල්, ඩිජිටල් අලෙවිකරණය සහ වෙළෙඳ ප්‍රචාරණය, සයිබර් ආරක්ෂණ සේවා, තොරතුරු තාක්ෂණ සහය සහ කළමණාකරණය කළ සේවා, වීඩියෝ, සංගීතය මෙන්ම සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා, මාර්ගගත බැංකුකරණය, සමාජ මාධ්‍ය වේදිකා, ඉල්ලුම මත සේවා සැපයීමේ වේදිකා, වෙළෙඳපොළ වේදිකා, සූදූ ක්‍රීඩා වේදිකා, හෝටල් වෙන් කිරීම් මෙන්ම ටිකට්පත් වෙන් කරවා ගැනීම් සඳහා යෙදවුම් මෙම ගැසට් නිවේදනයේ දක්වා තිබෙනවා.

අද ලග්න පලාපල – 2025 ජූලි 08 | අද ඔබේ ලග්නය කියන අමුතුම ඉඟි – සතුටද? අවදානමද?

අද ලග්න පලාපල – 2025 ජූලි 08 | අද ඔබේ ලග්නය කියන අමුතුම ඉඟි – සතුටද? අවදානමද?

තවද මේ සඳහා ලියාපදිංචි වීමට සපුරාලිය යුතු අවශ්‍යතා ද මෙම ගැසට් නිවේදනයේ දක්වා තිබෙනවා. ඒ අනුව එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වීමට ප්‍රථම විදේශයක සිටින නැතහොත් නිර්වාසික තැනැත්තෙකු බදු ගෙවන්නා හදුනා ගැනීමේ TIN අංකයක් ලබා ගත යුතු වනවා.

ගෙවුණු වසරක කාලසීමාව තුළ සේවා සැපයුම් වටිනාකම රුපියල් මිලියන 60 ඉක්මවන හෝ පසුගිය මාස 3ක කාලසීමාව තුළ රුපියල් මිලියන 15ක සීමාව ඉක්මවන නිර්වාසික තැනැත්තෙකු එකතු කළ අගය මත බදු පනතට අනුව ලියාපදිංචි වීමට බැඳී සිටින බව ද එම ගැසට් නිවේදනයේ සඳහන්.

ආණ්ඩුව ගැන මොකුත්ම කියලා නැහැ - රනිල් දාපු X පණිවිඩය Musk Repost කරලා..

ආණ්ඩුව ගැන මොකුත්ම කියලා නැහැ - රනිල් දාපු X පණිවිඩය Musk Repost කරලා..

එම ගැසට් නිවේදනය පහතින් 

GalleryGalleryGalleryGallery
ReeCha