ජෝනිගේ බී.එම්.ඩබ්ලිව් එක ගැන ඇහෙන අලුත්ම කතාව..
By Piyumika
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රශ්නගත බීඑම්ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් එකලස් කිරීමේ සිද්ධියට අදාලව තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ මෝටර් රථය එකලස් කළ බවට පැවසෙන පුද්ගලයාගේ ඥාතියෙක්.මොහු ඊයේ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා.
ලියාපදිංචි නොකළ මෙම සුඛෝපභෝගි මෝටර් රථයක් සැකකාර හිටපු අමාත්‍යවරයා වෙත ගෙන ගොස් දී ඇත්තේ මොහු බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හරිනු ලැබුවා