එකක් හොයාගෙන උණුසුම යන්නත් කලින්ම නුවරඑළියෙන් තව එකක්..දීපු දෙකෙන් එකකට කරලා තියන දෙයක්..(PHOTOS)

Sri Lanka Police Nuwara Eliya Sri Lanka
By Piyumika Oct 14, 2024 06:46 AM GMT
Piyumika

Piyumika

Report

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝ ජිප් රථයක් දිරාපත් වීමට අත්හැර දමා තිබියදී නුවරඑලිය පොලිසිය විසින් (13) දින පස්වරුවේ සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.

දුක් විය යුතුද සතුටු විය යුතුද යන්න සිතා ගැනීමට නොහැකි වූ වසර 56කට පසු පැමිණි ආරංචිය ..

දුක් විය යුතුද සතුටු විය යුතුද යන්න සිතා ගැනීමට නොහැකි වූ වසර 56කට පසු පැමිණි ආරංචිය ..

නුවරඑලිය හැඩන්හිල් මාර්ගයේ පිහිටි නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් භූමියේ මෙම ජිප් රථය වසර ගණනාවක් තිස්සේ ගාල් කර ඇති බවත්, එම ජිප් රථය මේ වන විට සම්පුර්ණයෙන්ම දිරාපත් වී දැඩි අබලන් තත්ත්වයේ පවතින බවයි පොලිසිය කියා සිටියේ.

නුවරඑලිය දිස්ත්‍රික්කය නියෝජනය කල අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික සම්බන්ධිකරණ නිලධාරියෙකුට භාවිතා කිරිම සදහා එවකට මෙම ජිප් රථය ඇතුළු තවත් ජිප් රථයක් අමාත්‍යවරයා විසින් ලබා දි ඇති බවත්, අනෙක් ජිප් රථය සොයා මේ වන විට පොලිස් විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි එම නිලධාරියා කියා සිටියේ.

එන්නේ ඩුබායි රටේ ඉදල කියලා ගෙනාපු දේවල් දැකල ගුවන්තොටුපොළේ අයගේ ඇස් උඩ යයි..

එන්නේ ඩුබායි රටේ ඉදල කියලා ගෙනාපු දේවල් දැකල ගුවන්තොටුපොළේ අයගේ ඇස් උඩ යයි..

නුවරඑලිය ප්‍රදේශයේ රජයට අයත් වාහන සගවා ඇති බවට ලද තොරතුරක් මත මේ වන විට ජිප් රථ දෙකක් සොයාගෙන ඇති බවත්, තවත් රජයේ වාහන කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති හෙයින් එම වාහන ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කරන බවද පොලිස් නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේ.

එකක් හොයාගෙන උණුසුම යන්නත් කලින්ම නුවරඑළියෙන් තව එකක්..දීපු දෙකෙන් එකකට කරලා තියන දෙයක්..(PHOTOS) | Another Abandoned Car Is Found In Nuwara Eliya

එකක් හොයාගෙන උණුසුම යන්නත් කලින්ම නුවරඑළියෙන් තව එකක්..දීපු දෙකෙන් එකකට කරලා තියන දෙයක්..(PHOTOS) | Another Abandoned Car Is Found In Nuwara Eliya