සහල් මිලෙහි සිදුවන වෙනස

Sri Lanka Money Ministry of Consumer Affairs Authority Rice Rice Price
By Wayomi Mar 13, 2025 01:32 PM GMT
Wayomi

Wayomi

Report

සහල් සඳහා ගැසට් මගින් පනවා ඇති තොග මිල, උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දී තිබෙනවා.

එහිදී, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සහල් සඳහා නිකුත් කර ඇති මිල ගණන් වෙනස් කර ඇති බවට සිල්ලර වෙළෙන්දන්ට ප්‍රකාශකරමින් සහල් වැඩි මිලට අලෙවි කිරීම කිරීමට ඇතැම් වී මෝල් හිමියන් සහ තොග වෙළෙඳුන් කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී බවද අධිකාරීය එම නිවේදනයේ සඳහන් කර තිබේ.

ඒ අනුව කැකුළු සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 220.00 ක්, නාඩු සහල් උපරිම සිල්ලර මිල රුපියල් 230.00 ක් , සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 240.00 ක් සහ කීරි සම්බා සහල් උපරිම සිල්ලර මිල රුපියල් 260.00 ක් විය යුතු බව එම නිවේදනයේ දැක්වේ.

නමුත් එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරන වෙළෙන්දන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩවම වැටලීම් සහ විමර්ශන දිවයින පුරා ක්‍රියාත්මක කරන බව එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනු ලැබුවා.

මේ අනුව මේ වර්ෂයේ මාර්තු 12 වෙනිදා දක්වා 5,500 කට වැඩි වෙළඳසැල් සංඛ්‍යාවක් පරික්ෂා කර ඇති අතර එහිදී වැරදි කළ වෙළෙන්දන් 4,122 කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවද සඳහන් කෙරිණි.

එසේම එම වැරදි කරන ලද වෙළෙඳුන් අතරින් සහල් සම්බන්ධව වෙළෙඳුන් 1,555 කට නීතිමය පියවර ගැනීමටද කටයුතු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා සිටියේය.

බස්නාහිර පළාතේ හිටපු මන්ත්‍රීවරයෙකු රිමාන්ඩ්

බස්නාහිර පළාතේ හිටපු මන්ත්‍රීවරයෙකු රිමාන්ඩ්

සචින් එක පැත්තක... අධ්‍යක්ෂවරයා තව පැත්තක...මායාවී දුෂේනිට මොකද වුනේ ? මෙන්න සම්පුර්ණ විස්තරේ ...

සචින් එක පැත්තක... අධ්‍යක්ෂවරයා තව පැත්තක...මායාවී දුෂේනිට මොකද වුනේ ? මෙන්න සම්පුර්ණ විස්තරේ ...

ReeCha