පාසල් දරුවන්ට රජයෙන් විශේෂ නිවේදනයක්
පාසල්වල 2025 වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ ප්‍රථම අභියාචනා ඉදිරිපත් කිරීමේ වටයේ ප්‍රතිඵල මේවන විට නිකුත් කර ඇති බවට වාර්තා වේ.
ඒ ඉකුත් 2024 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මතයි.
ඒ අනුව මෙම ප්‍රතිඵල මාර්ගගතව (online) http://g6application.moe.gov.lk දිගුව හරහා පරික්ෂා කළ හැකි බව දන්වා ඇත.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අභියාචනා මඟින් පාසල් සඳහා තෝරා ගත් සිසුන්ගේ ඇතුළත් කිරීමේ කටයුතු අඳාළ පාසලේ විදුහල්පති විසින් සිදු කෙරෙනු ඇති බවයි.
ඒ අනුව පසුගිය දින 2024 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව පාසල්වල 2025 වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම 2025.04.09 දින සිට 2025.04.30 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය තුළින් සිදු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිවේදනය කර තිබුණා.
එහිදී තවදුරටත් දක්වා තිබුණේ http://g6application.moe.gov.lk දිගුව හරහා උපරිම වශයෙන් පාසල් 3කට අභියාචනා යොමු කළ හැකි බවයි.
