විදේශ ණය ඉහළ ගිය බවට පළවන වාර්තා ගැන අමාත්‍ය අනිල් ජයන්ත කට අරියි

Report

ආණ්ඩුව ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවට ඇතැම් පාර්ශ්වයන්ක සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සදහන් කර තිබේ ඔහු පෙන්වා දෙන්නේ කිසිදු නිල දත්ත පදනමකින් තොරව එවැනි ප්‍රකාශ සිදුකිරීම කණගාටුදායක තත්ත්වයක් බවයි.

මහ බැංකුව විසින් මෑතකදී නිකුත් කළ තොරතුරු උපුටා දක්වමින්, ආණ්ඩුවේ ණය රුපියල් බිලියන 190කට අධික ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළවී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ එම වාර්තාවල ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති ආකාරය පිළිබඳ නිශ්චිත පැහැදිලි කිරීමක් නොමැති අතර, ඉදිරිපත් කර ඇති ඇතැම් දත්තද නිවැරදි නොවන බවයි.

රජයේ ණය පිළිබඳ නිල හා වගකීම් සහගත තොරතුරු කාර්තුවෙන් කාර්තුවට නිකුත් කරන Debt Bulletin මගින් ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ .

ඒ වගේම එතුමා සදහන් කරන්නේ එම වාර්තාවල දේශීය ණය, විදේශ ණය, රටවල් අනුව ලබාගෙන ඇති ණය මෙන්ම බහුපාර්ශ්වික, ද්විපාර්ශ්වික සහ වාණිජ විදේශ ණය පිළිබඳ විස්තරාත්මක තොරතුරු ඇතුළත් වන බවයි එබැවින් ණය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමේදී පළමුව නිල ලේඛන හා දත්ත පදනම් කරගත යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේ   එම නිල දත්ත අනුව ආණ්ඩුවේ ණය එවැනි ආකාරයකින් ඉහළ ගොස් නොමැති බවයි

තවත් ප්‍රවීණ‍යෙක් යන්න යයි - රටම ආදරය කළ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා දිවි ගමනට සමුදෙයි

තවත් ප්‍රවීණ‍යෙක් යන්න යයි - රටම ආදරය කළ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා දිවි ගමනට සමුදෙයි

"අම්මා කෙනෙක් විදිහට මට මතක් වුණේ ඔයාගේ පුතාව" - නිරූපිකා චූලාගේ අභාවය ගැන පියුමි කී කතාව

"අම්මා කෙනෙක් විදිහට මට මතක් වුණේ ඔයාගේ පුතාව" - නිරූපිකා චූලාගේ අභාවය ගැන පියුමි කී කතාව