ආදායම් බදු අය කිරීමේ වෙනසක්? අමාත්‍යවරයාගගේ ප්‍රකාශය මෙන්න

Report

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ පවතින ආර්ථික යථාර්ථයන් සැලකිල්ලට ගනිමින්, පුද්ගල ආදායම් බදු අය කරනු ලබන උපරිම බදු ප්‍රතිශතය වන සියයට 36ට යටත් වන ආදායම් සීමාව තවදුරටත් ඉහළ නැංවිය හැකිද යන්න පිළිබඳව රජය විශේෂ අධ්‍යයනයක නිරත වන බවයි.

ඔහු පැවසුවේ දැනට පවතින සියයට 36ක උපරිම බද්දට යටත් වන මාසික ආදායම් සීමාව රුපියල් ලක්ෂ 5, 6 හෝ ලක්ෂ හතහමාර (7.5) දක්වා ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවත්, ඒ පිළිබඳව මේ වන විටත් විධිමත් අධ්‍යයනයක් සිදු කරමින් පවතින බවත්ය.

රාජ්‍ය සේවකයන්ට සුභ ආරංචියක් - අලුත් වෙනසක් ගැන ඇමති බිමල්ගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය සේවකයන්ට සුභ ආරංචියක් - අලුත් වෙනසක් ගැන ඇමති බිමල්ගෙන් ප්‍රකාශයක්

වත්මන් රජය බලයට පත්වන අවස්ථාව වන විට පුද්ගල ආදායම් බදු අය කිරීම ආරම්භ වූ මාසික ආදායම් සීමාව රුපියල් ලක්ෂයක මට්ටමේ පැවති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන එම සීමාව රුපියල් එක්ලක්ෂ පනස්දහස දක්වා ඉහළ නැංවීමට පියවර ගත් බව ද වැඩිදුරටත් සඳහන් කළේය.   

සේවකයන් රැසක් රාජකාරියෙන් ඉවතට - නැවත දැනුම් දෙන තුරු දින නියමයක් නැතිව මේ ආයතනයේ වසා දැමීමට තීරණ

සේවකයන් රැසක් රාජකාරියෙන් ඉවතට - නැවත දැනුම් දෙන තුරු දින නියමයක් නැතිව මේ ආයතනයේ වසා දැමීමට තීරණ