රාජ්‍ය ආයතන 5000ක් ඉවත් කරනවලු?

Report

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසන්නේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු යටතේ පවතින විවිධ අංශ 5,000කට වැඩි ප්‍රමාණයක් නිශ්චිත කාර්යභාරයක් ඉටු නොකරන ආයතන බවයි.

විද්වත් කමිටුවක් හරහා අදාළ නොවන ආයතන පිළිබඳව සොයා බලා ඉන් පසුව අදාළ නොවන ආයතන ඉවත් කිරීමට කටයුතු යොදන බවත් රාජ්‍ය අංශය ඵලදායීව සිදුකරගෙන යෑමට සහ ගෞරවාන්විත රාජ්‍ය සේවාවක් ලබා දීම රජයේ අරමුණ බවත් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පෙන්වා දෙයි.

දීපාවලි උත්සවයට විශේෂ පාසල් නිවාඩුවක්

දීපාවලි උත්සවයට විශේෂ පාසල් නිවාඩුවක්

මෙම ආයතන ජනතාවට විශාල බරක්ව පවතින අතර මානව අයිතිවාසිකම් පිළිබඳ වූ ආයතන, තිරසර සංවර්ධනය වෙනුවෙන් පිහිට වූ ආයතන ඇතුළු ඒ ඒ මොහොතට අවශ්‍යව පිහිට වූ විවිධ අංශ ඊට ඇතුළත් බව ඔහු පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් දැක් වූ අදහස් මෙසේ ය.

“අපිට ශක්තිමත් හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් අවශ්‍යයි. දැන් අර්බුද රැසක් පවතිනවා. ඇතැම් ක්ෂේත්‍රවල ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍යයි. අපි ඒ ගැන කටයුතු කරමින් ඉන්නවා. කෙටි කලකින් මේ ගැටලු සියල්ල විසඳන්න බෑ. නමුත් අපි මේ අභියෝග මැඩගෙන ඉදිරියට යමින් ඉන්නවා. රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධව දැන් කටයුතු කරනවා. එහිදී අපට දැනගන්නට ලැබුණා මෙරට විවිධ අංශ පන්දහසකට වැඩිය තියෙනවා අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු යටතේ. ඒවාට කාර්යභාරයක් නෑ. ඒවාට විවිධ නම් තියෙනවා. නමුත් මේ ආයතන ජනතාවට විශාල බරක්. අපි මේ තොරතුරු රැස් කරලා විශ්ලේෂණය කරමින් ඉන්නවා ව්‍යුහාත්මක වෙනස්කම් කර ඉදිරියට යන්න.”

රත්තන් ගැන සුභ ආරංචියක් අද රන් මිල මෙන්න

රත්තන් ගැන සුභ ආරංචියක් අද රන් මිල මෙන්න