අලුත් අවුරුද්දේ ඇන්ජිගේ නෝක්කාඩුව..

By Piyumika Jan 08, 2025 06:52 AM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2025 වසර සඳහා ටෙස්ට් තරග 4ක් පමණක් හිමි වීම පිළිබඳව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිය නොසතුටට පළ කර තිබේ.

ඔහොම නෙවේ මෙහෙමයි කියලා අසු පදින හැටි අමුතු විදිහට කියලා දුන්න ගුරාට වැඩ වරදි..

ඔහොම නෙවේ මෙහෙමයි කියලා අසු පදින හැටි අමුතු විදිහට කියලා දුන්න ගුරාට වැඩ වරදි..

මැතිව්ස් සිට X (ට්විටර්) ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට 2025 වසර සඳහා හිමිව ඇත්තේ ටෙස්ට් තරග 4ක් පමණක් බව ඇසීම තමා කම්පනයට පත් කරවන්නක් බවයි.

ඔහු එම සටහන සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල ගිණුමද ඈඳා තිබිණි.

අභියෝගය ජය ගන්නේ කෙසේදැයි ඇසු පැනයට අගමැතිනියගේ පිළිතුර..

අභියෝගය ජය ගන්නේ කෙසේදැයි ඇසු පැනයට අගමැතිනියගේ පිළිතුර..

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම මස අවසානයේ මෙරටට පැමිණෙන ඔස්ට්‍රේලියා කණ්ඩායම සමගින් ටෙස්ට් තරග යුගලයක් ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරග 2023-2025 ලෝක ටෙස්ට් ශූරතා අදියර සඳහා අදාළව ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසාන තරගාවලිය වේ.

අනතුරුව ඇරැඹෙන 2025-2027 ලෝක ටෙස්ට් ශූරතා අදියර සඳහා ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගාවලි 6ක් සමගින් තරග 12ක් හිමිව ඇත. ඒ අතරින් 2025 වසර සඳහා හිමිව ඇත්තේ ජුනි මස බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 2කින් යුත් තරගාවලිය පමණි.

You may like this video

Gallery