හැමෝම හොයපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිබුණු ගැටලුව මැතිව්ස් හෙළි කරයි..
By Sithumi
හිටපු ක්‍රිකට් තේරීම් කමිටුව පෞද්ගලික න්‍යායපත්‍රයක් යටතේ කටයුතු කිරීම හේතුවෙන් තමන්ට හිමිවීමට තිබූ අවස්ථා අහිමිව ගිය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.
ඊයේ (14) පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

ශ්‍රී ලංකාවට මතක හිටින සුපිරි මතකයක් කාලෙකින් - බලන්නකෝ අද මැච් එකට මොකද වුණේ කියලා.. (UPDATE/PHOTOS)
මාධ්‍ය ඉදිරියේ සියල්ල හෙළි කිරීමට තමන්ට හැකියාවක් නොමැති බව ඔහු එහිදි සදහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කර සිටියේ වත්මන් ක්‍රිකට් තේරිම් කමිටුව සමග කටයුතු කිරීම පහසු බවයි.
පසුගිය දිනවල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙත යම් ගැටලුවක් තිබුණු බව බොහෝ දෙනා කතා කළා.
නමුත් ඔවුන්ට තිබෙන නීති රෙගුලාසි අනුව කිසිවෙකු දෙයක් ප්‍රකාශ නොකළ ආකාරය පෙනෙන්නට තිබුණා.
Sponsored By Sarrita Jewellery