ලොකුම ලොකු අවුලක් වුණ මැතිව්ස්ගේ දැවී යාම ගැන ඇහෙන අලුත්ම ආරංචිය - කුමකින් කුමක් සිදු වෙයි ද?.

Angelo Mathews Cricket Sri Lanka Cricket Sri Lanka
By krishani Nov 08, 2023 04:53 PM GMT
krishani

krishani

Report

නියමිත කාලය තුල දී ක්‍රීඩා පිටියට නොපැමිණීම නිසා ඇන්ජලෝ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කෙරිණ.

ඒ ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට පිතිකරණය ඇරඹීම සඳහා කාලය ඉක්මවා දැවී ගිය පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙමින් ය.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වුණ ලෝක කුසලාන තරගයේ දී ය.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන වකා යුනිස් විස්තර විචාරක කටයුතුවලින් ඉවත්කිරීම‍ සඳහා ICCයෙන් ඉල්ලීමක් නොකිරීමට හේතු මොනවාදැයි බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ගෙන් එරට මහාධිකරණය ප්‍රශ්න කර ඇත.

ඒ ගැන කරුණු දැක්වීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ එහි සභාපතිවරයාට දින 10ක කාලයක් ලබා දී ඇත 

එමෙන්ම මැතිව්ස්ගේ ආන්දෝලනාත්මක දැවී යාම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් තරග විචාරකයින් විසින් විවේචනය කිරීමට එරෙහිව අධිකරණය වෙත ගොනුකර තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව මහාධිකරණය මෙම නියෝගය ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රසල් ආනල්ඩ් සමග විස්තර විචාරක කුටියේ සිටි වකා යුනිස් විසින් ශකිබ් කළ ඉල්ලීම ක්‍රීඩකයෙකුගේ හැසිරීමක් නොවන බව පවසමින් එය විවේචනය කිරීමට එරෙහිව එරට නීතිඥවරයෙකු වන Rahman Khan විසින් එම පෙත්සම ගොනුකර ඇත.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ එය විභාගයට ගත් විනිසුරුවරුන් වන Mustafa Zaman Islam සහ Md Atabullah විසින් මෙම නියෝගය ලබා දී ඇති බවයි.


ReeCha