ලෝකෙම කතා වුණ, ලංකාවම රත් වෙලා ගිය මැතිව්ස්ගේ දැවී යාම ගැන විනිසුරුවරු දැන් කියන මේ කතාව මොකක්ද?.

Angelo Mathews Cricket Sri Lanka Cricket Sri Lanka Bangladesh Cricket Team
By krishani Nov 07, 2023 01:43 AM GMT
krishani

krishani

Report

නියමිත කාලය තුල දී ක්‍රීඩා පිටියට නොපැමිණීම නිසා ඇන්ජලෝ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබෙනවා.

ඒ ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට පිතිකරණය ඇරඹීම සඳහා කාලය ඉක්මවා දැවී ගිය පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙමින් ය.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ දී ය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් තරගයෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ බංග්ලාදේශ කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව ඉතාමත් කණගාටු බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඇන්ජලෝ මැතිව්ස්,

''බොහොම කණගාටුයි බංග්ලදේශ කණ්ඩායම ක්‍රීඩා කරපු ආකාරය ගැන. මම විනාඩි 2ක් ඇතුලත crease එකට ගිහිල්ලා crease එකේදි තමයි මගේ හෙල්මට් එක ගැලවුණේ. එය හොඳටම විනිසුරුවරුන් දැක්කා.

මට තව තත්පර 5ක් තිබුණා.හෙල්මට් එක කැඩුනට පස්සෙත්. මම ගිහින් හෙල්මට් එක පෙන්නුවට පස්සේ විනිසුරුවරු කිව්වා ඒගොල්ලො දැවී යාමක් ලෙස ඉල්ලීම් කරා කියලා.

තරගය ඉවර වෙලා ආවට පස්සෙ විනිසුරුවරු කියලා තිබ්බා අපේ coch ලා එක්ක අපිට චෙක් කරන්න තිබ්බා කියලා.තරගය ඉවර උනාට පස්සේ චෙක් කරලා වැඩක් නෑ. මගේ අවුරුදු 15 මම දැකලා නැහැ කණ්ඩායමක් මේ විදියට පහත් විදියට වැටෙනවා.'' යනුවෙන් ය.

ReeCha