අනේ අම්මපා මෙහෙමත් වෛද්‍යවරු...ලෙඩ ගැන මෙහෙමත් බොරු කියනවද ඇත්තට...

Sri Lanka Sri Lanka Magistrate Court Latest Headlines Doctors
By Piyumika Jan 23, 2025 10:00 AM GMT
Piyumika

Piyumika

Report

තම රෝගී තත්ත්වය පිළිබඳ අසත්‍ය වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බව කියන විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු ලබන 13වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) නියම කළේය.

පළාත් පාලන ඡන්ද විමසිම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැන පෙත්සමක්...

පළාත් පාලන ඡන්ද විමසිම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැන පෙත්සමක්...

විත්තිකාර වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සලකාබැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

තීරුබදු බලපත්‍රවලට විදේශවලින් වාහන ගෙන්වා දෙන බව පවසා වෛද්‍යවරුන්ගෙන් මුදල් ලබාගෙන, සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම වෛද්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

මෙම නඩුව ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී විත්තිකාර වෛද්‍යවරයා අධිකරණය පෙනී නොසිටි අතර, තමන්ට අසනීප තත්ත්වයක් පවතින බව දන්වමින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

නැවත්තුවොත් බය නැතුව හිටපන් කිව්වට උබ නම් කියයි කියලා යාලුවත් මඟ දාල හැටේ දුවලා..තාම හොයනවලු ඔන්...

නැවත්තුවොත් බය නැතුව හිටපන් කිව්වට උබ නම් කියයි කියලා යාලුවත් මඟ දාල හැටේ දුවලා..තාම හොයනවලු ඔන්...

එහෙත් එම වෛද්‍ය වාර්තාව පිළිගත නොහැකි බව තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා, අදාළ විත්තිකරු පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට නියෝග කර ඇත.

එම වෛද්‍ය මණ්ඩලයේ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ විත්තිකරු අධිකරණයේ පෙනී සිටිය නොහැකි මට්ටමේ රෝගයකින් නොපෙලෙන බවයි.

ඒ අනුව විත්තිකරු අසත්‍ය වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීමට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා ඉන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

You may like this video

ReeCha