මැතිවරණ කොමිසමෙන් හදිසි දැනුම්දීමක්!
ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයන් 223 දෙනෙකුගේ නාම යෝජනා මෙතෙක් ලැබී නොමැති බවයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා අවධාරණය කළේ, එම නාම යෝජනා කඩිනමින් යොමු කරන ලෙස දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට යළිත් වරක් දැනුම් දී ඇති බවයි.
එමෙන්ම, කොමිෂන් සභාව වෙත මේ වන විට ලැබී ඇති සභිකයන් 104 දෙනෙකුගේ නම්, 2025 ජූනි 13 වන දින ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇත.
පසුගිය 2025 මැයි 6 වන දින පැවති පළාත් පාලන මැතිවරණයෙන් බහුතර පළාත් පාලන ආයතනවල ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වී ඇත.
මෙම මැතිවරණය හරහා තෝරා පත් කර ගත් සභිකයන්ගේ නම් යෝජනා කඩිනමින් ලබා දීමට අදාළ පාර්ශ්වවලින් කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව යළිත් වරක් අවධාරණය කරයි.