ගසාගෙන නොයෙන ලෙසට ලණුවකින් ගැට ගැසු නාදුනන මළ සිරුරක් මහවැලි ගඟේ .. (PHOTO)
By Piyumika
මහවැලි ගගේ පාවෙමින් තිබු පුද්ගල මල සිරුරක් (10) දින හමු වු බව නාවලපිටිය පොලිසිය පැවසිය.
නාවලපිටිය හපුගස්තලාව ප්‍රධාන මාර්ගයේ මල්ලන්ද පාලම යට මහවැලි ගගේ මල සිරුරක් පාවෙමින් තිබෙන බවට ලද තොරතුරක් මත නාවලපිටිය පොලිසියේ නිලධාරින් එම ස්ථානයට ගොස් පාවෙමින් තිබු සිරුර ගසාගෙන නොයෙන ලෙසට ලණුවකින් ගැට ගසා තිබේ.
අවු 40-45 වයසේ පසුවන නාදුනන පුද්ගල මල සිරුර සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නාවලපිටිය පොලිසිය පැවසිය.
You may like this video