උපන්දිනයට කෑම බෙදා දීමට පැමිණි විශ්‍රාමික මේජර් ජනරාල්වරයකුද හරවා යවමින් යුද හමුදා මූලස්ථානය ගත් අලුත්ම තීරණය ..

Report

සැප්තැම්බර් 01 වැනිදා සිට දින විසිපහක කාලයක් යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරින් හා සෙබළුන් කඳවුරු තුළට ගෙන්වා ගැනීම හා නිවාඩු නිකේතන වෙන්කර දීම තහනම් කිරීමට යුද හමුදා මූලස්ථානය පියවර ගෙන ඇත.

සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න හෝ දැනුවත් කිරීමකින් තොරව යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත යුද හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය අගෝස්තු 26 වැනිදා මෙම නියෝගය කඳවුරු වෙත දැනුම් දී ඇත.

අලුත් මාසෙ සියලු ලග්න හිමියන්ට කොහොමද කියල මෙතනින් දැනගන්න..ලග්න 04ක අය දැඩි කල්පනාවෙන්.

අලුත් මාසෙ සියලු ලග්න හිමියන්ට කොහොමද කියල මෙතනින් දැනගන්න..ලග්න 04ක අය දැඩි කල්පනාවෙන්.

සැප්තැම්බර් 01 දා සිට සැප්තැම්බර් 25 දක්වා විශ්‍රාමික නිලධාරින්ට හා සෙසු නිලයන්ට මෙම නියෝගය පනවා ඇත. මේ අනුව කලින් නිවාඩු නිකේතන වෙන් කරන ලද ඒවායේ වගකීම රෙජිමේන්තු සේනා විධායකවරුන් විසින් භාරගත යුතු බවද දන්වා තිබේ.

මෙම නියෝගයත් සමග ආබාධිත රණවිරුවන්ට තම උපන්දිනය වෙනුවෙන් කෑම බීම දීමට මෙම සතියේ අභිමංසල වෙත පැමිණි ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික මේජර් ජනරාල්වරයකුද හරවා යැවීමට පියවර ගෙන ඇත.

මේ අතර සමාජ මාධ්‍ය භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සපුරා තහනම් කරමින් හමුදා මූලස්ථානය නියෝග නිකුත් කර ඇත.

මැතිවරණය අවසන් වනතෙක් කිසිදු නිලධාරියකු, සෙසු නිලයකු හෝ සිවිල් සේවකයන්ට දේශපාලන පක්ෂවල රැස්වීම් සඳහා සහභාගි වීමද සපුරා තහනම් කර ඇත.

දිවයින පුරා අද ප්‍රදේශ රැසකට වැස්ස සහ සුළං තත්ත්වය වැඩි වෙයි..මේ ප්‍රදේශ වල අය අවධානයෙන් ඉන්න.

දිවයින පුරා අද ප්‍රදේශ රැසකට වැස්ස සහ සුළං තත්ත්වය වැඩි වෙයි..මේ ප්‍රදේශ වල අය අවධානයෙන් ඉන්න.

ඔවුනට දේශපාලන පක්ෂ පිළිබඳ අනෙකුත් අය දැනුවත් කිරීම හා දේශපාලන පක්ෂ වෙනුවෙන් ක්‍රියාකාරීව පෙනී සිටීමද තහනම් කර තිබේ.

තැපැල් ඡන්දය පැවැත්වෙන දා (05 වැනිදා) සියලුම අයගේ නිවාඩු හා කෙටි නිවාඩු අවලංගු කිරීමටද ඒකක හා කඳවුරුවලට නියෝග කර ඇත.