රුසියානු හමුදාවේ සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට මෙහෙයුමක්...
By Parami Dissanayake
රුසියාවේ හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ශ්‍රී ලාංකික හිටපු හමුදා සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය ඇතුළු දූත පිරිසක් රුසියාවේ සංචාරය කිරීමට නියමිත ය.
ඒ අනුව එම සාකච්ඡා මේ මස 26 සහ 27 යන දිනවල පැවැත්වෙන බව විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි විසින් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියේය.