උද්‍යානයක දී සිදු කළ වෙඩි තැබීමකින් 09 දෙනෙකු රෝහලේ...
By Parami Dissanayake
අමෙරිකාවේ මිචිගන්හි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විනෝද උද්‍යානයක් තුළදී සිදු වූ මෙම වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ පිරිසට ළමයින් දෙදෙනෙකු ද අයත්වන අතර ඒ අතරින් අයෙකුගේ තත්ත්වය බරපතළ බව ද වාර්තා වේ.
උද්‍යානය අසල පිහිටි නිවසක සැඟව සිටිය දී වෙඩික්කරුද වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබේ.
වෙඩික්කරු තුවක්කු දෙකක් භාවිතයෙන් වෙඩිතැබීම සිදුකළ බවට සිදුවීම ඇසින් දුටුවෙකු පවසා ඇතත් එය මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැත.
කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔහු වයස අවුරුදු 42ක පමණ වන පුද්ගලයෙකු බව හෙළිවී ඇති බවයි.