තරුණ මන්ත්‍රීවරයකුගෙන් ජනපති රනිල්ට අමුතු ඉල්ලීමක් ..

By Piyumika Jul 31, 2024 07:36 AM GMT
Report

දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලෙස තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මාරක රිය අනතුරු 2ක්..

මාරක රිය අනතුරු 2ක්..

මේ දි වල කතාබහට ලක්ව සිටින තරුණ මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කර තිබෙන්නේ ඉදිරි දෙසතිය ඇතුළත දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සම්පූර්ණ කර පවතින පසුබිම යටතේය.

මෙම මන්ත්‍රීවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ජනාධිපතිවරණයට පෙර දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලීමක් කර ඇත.

පොල් වගාව පිළිබඳව ඔබ කනස්සල්ලෙන්ද?..ඔබේ ගැටලු සියල්ලටම විසදුම් මෙතනින්..

පොල් වගාව පිළිබඳව ඔබ කනස්සල්ලෙන්ද?..ඔබේ ගැටලු සියල්ලටම විසදුම් මෙතනින්..

මන්ත්‍රීවරයාගේ ඉල්ලීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කර ඉදිරි දින දෙක තුළදී තීරණයක් ගැනීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේදී සම්මත කරන බව මීට පෙර අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කෙරිණි.