ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට.. විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනක් වෙන් කරයි.. ඒ මෙහෙමයි..

Election Sri lanka election 2024 General Election 2024 Sri Lanka Parliament Election 2024 Sri Lanka General Election 2024
By krishani Nov 17, 2024 03:39 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මන්ත්‍රී අසුනක් වෙන් කර තිබෙනවා.

ඒ අනුව එම අසුන ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් සුගත් වසන්ත ද සිල්වා මහතාට ලබා දීමට පියවර ගෙන ඇත.

බලපිටිය, ගොඩගෙදර ප්‍රදේශයේ 1967 ජූලි 26 වන දා උපත ලැබූ ඒ මහතා මේ වනවිට 57 හැවිරිදි වියේ පසුවේ.

පස්වන ශ්‍රේණියේ දී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ගොස් පන්දුවක් ඇහේ වැදීමෙන් පහු පසුකාලීනව දෘෂ්‍යාබාධිත තත්ත්වයට පත්ව තිබේ.

මෙම අනතුරට පත්වීමෙන් පසුව සුගත් මහතා සම්පූර්ණ දෘෂ්‍යාබාධිත තත්ත්වයට පත්ව ඇති අතර, ඉන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා රත්මලානේ අන්ධ විද්‍යාලයට ඇතුළත් කෙරුණි.

ITAK පක්ෂයත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නම් කරයි.. ලැබුණ කෙනා මෙන්න..

ITAK පක්ෂයත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නම් කරයි.. ලැබුණ කෙනා මෙන්න..

"මට එතැනට ගියාම හරි අපූරු දෙයක් සිදුවෙනවා...මේ දෘෂ්‍යාබාධිත දේ කියන එක මට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. මම වගේම අය එතැන ඉගෙන ගන්නවා. එතැන හරිම අපූරු ලෝකයක්. එතැන ගුරුවරු හා පාලිකාවන් හරිම දයාබරයි. මේ සියලුදෙනාගේ මඟ පෙන්වීම යටතේ මම සාමාන්‍ය පෙළ සමත් වෙනවා. ඊට පස්සේ මම සාමාන්‍ය පාසලකට යනවා. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට උසස් පෙළ සඳහා. මම උසස් පෙළ කරන්නේ කලා විෂයන්. සිංහල, බෞද්ධ ශිෂ්ටාචාරය, ආර්ථික විද්‍යාව. දේශපාලන විද්‍යාව බාහිරින් තිබුණේ. ධර්මාශෝකයේ හිටිය හැමෝම මට හරිම ලෙන්ගතුව කටයුතු කළා. ඒක හරිම ලස්සන හැඟීමක්. මට බේල් පරිවර්තනය කරන්න ආපු ගුරුවරුයා. මේ ජයග්‍රාහි මොහොතෙත් ඔහුව මතක් කරනවා...කොහොම හරි මම උසස්පෙළින් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා 1990 දී. මම මුලින්ම සිංහල, දේශපාලන විද්‍යාව හා ඉතිහාසය. විශේෂවේදී උපාධියකට යන්න පුළුවන් විදියට විෂයන් තුනම පාස් වුණත් මම තෝරාගන්නේ ඉතිහාසය..."

ඉන් අනතුරුව ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ලබාගෙන විශ්වවිද්‍යාලයෙන් පිට වන සුගත් වසන්ත ද සිල්වා මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අනුශාසක කාර්යාලයේ ටික කාලයක් සේවය කරයි.

පසුව සමාජ සේවා අමාත්‍යාංශයේ නිලධාරියෙක් ලෙස වසර 25ක දීර්ඝ සේවා කාලයකින් අනතුරුව සුගත් වසන්ත ද සිල්වා මහතා මහ මැතිවරණයට මුහුණදීමේ අපේක්ෂාවෙන් සේවයෙන් විශ්‍රාම ගැන්වේ.

මාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ. - එම ලැයිස්තුව මෙන්න.

මාලිමාවේ ජාතික ලැයිස්තුව නිවේදනය කෙරේ. - එම ලැයිස්තුව මෙන්න.

උසස් පෙළ අධ්‍යාපන කටයුතු සිදුකරන ගමන් ජනතා විමුක්ති පෙරුමුණ සමග දේශපාලන ගමන ද ආරම්භ කරන සුගත් වසන්ත මහතා මේ වනවිට සිය දේශපාලන දිවියට වසර 40ක් සම්පූර්ණ කර තිබේ.

තමාට හිමිවූ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා,

"මේ පදනම මත ඉදගෙන තමයි ජාතික ජන බලවේගය තමන්ගේ ජයග්‍රාහී අවස්ථාවක පවා 29 දෙනෙකුගෙන් යුත් ජාතික ලැයිස්තුව තුළට ආබාධිත පුද්ගලයෙක්ව ඇතුළත් කළේ. ගොඩක් අය කිව්වා මේක ඡන්ද ගන්න උපායමාර්ගයක් කියලා. මේක යාථාර්ථයක් වුණා. ඒ තුළ මාව ජාතික ලැයිස්තුවෙන් නියෝජනය වෙනවා. මම නියෝජනය කරන්නේ දෘශ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත, චලන උණතා සහ බුද්ධි වර්ධන ගැටලු ඇති සියලු කණ්ඩායම්. ඒ වගේම මනෝ සමාජීය කණ්ඩායම. මේ කණ්ඩායමට ප්‍රමුඛතාවය ලබාදෙමින් ආබාධිත ප්‍රජාවගේ පෝසත් රටක් තුළ ලස්සන ජීවිතයක් ලබාදෙන්න ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙලට ආබාධිතයින් අන්තර්ග්‍රහණය කරගනිමින් ඔවුන්ට අභිමානවත් ජීවිතයක් කැඳවීම තමා මගේ එකම අභිලාෂයි. මම බලාපොරොත්තු වෙනවා මේ ලැබිච්ච ස්වර්ණමය අවස්ථාවෙන් උපරිම ඵලදායිතාවයක් ආබාධිත ප්‍රජාවට ලබාදෙන එක මගේ ඉලක්කයයි."  

ReeCha