ජනපතිට ජපානයෙන් ආරාධනයක්
By Gagana News
ජපානයේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකට නිල වශයෙන් ආරාධනයක් සිදු කර තිබෙනවා.
ඒ ජපාන තානාපති ඉසොමතා අකියෝ විසින්.
තානාපතිවරයා අද (27) ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූ අවස්ථාවේදී මෙම ආරාධනය සිදු කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට එහිදී ජපාන රජය එකඟතාව පළ කළ බවයි.