අලි කෙස් එකක් .. අතුරු තහනම් නියෝගයකුත් දාලා..

Report

ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධීන්වලට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර ඇති නඩුව විභාගකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ගම වැසියන් බීය වද්දමින් හදිසියේම ඇළක් ලේ පාටට හැරේ..

ගම වැසියන් බීය වද්දමින් හදිසියේම ඇළක් ලේ පාටට හැරේ..

ස්වභාවික හා සංස්කෘතික අධ්‍යයනය කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මීට පෙර ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව ඉදිරිපත් කළ මෝසමක් සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ. ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින් ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබාගැනීමේ සිද්ධීන්වලට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවට අදාළව වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින අලි ඇතුන් මුදාහැරීම වළක්වාලමින් මීට පෙර අභියාචනාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබූ බව පැවසීය.

ඔයත් WhatsApp භාවිත කරන කෙනෙක්ද එහෙනම් මේ අනතුරු ඇඟවීම ඔයාටයි..

ඔයත් WhatsApp භාවිත කරන කෙනෙක්ද එහෙනම් මේ අනතුරු ඇඟවීම ඔයාටයි..

එවැනි නියෝගයක් නිකුත් කර තිබියදී අදාළ අලි ඇතුන් මුදිහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ එම අලි ඇතුන්ගේ හිමිකරුවන් බව කියන පුද්ගලයින් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් එය නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා තර්ක කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම කරුණට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ විභාගය වහාම අත්හිටුවීමට නියෝග කළ අතර මහෙස්ත්‍රාත් අධිකරණයේ තිබෙන මෙම නඩුකරයට අදාළ නඩුගොනුව වහාම ශ්‍රේෂ්ඨාධිකරණය භාරයට ගන්නා ලෙස නියෝග කළේය.

මේ මස 21 වනදා දක්වා පමණයි හැකි ඉක්මනින් භාර දෙන්න ..

මේ මස 21 වනදා දක්වා පමණයි හැකි ඉක්මනින් භාර දෙන්න ..

ඊට අමතරව මෙම නඩුකරයට අදාළව ඉදිරි පියවර කිසිවක් නොගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.

එසේම මෙම නඩුකරයට අදාළව මීට පෙර කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ සියලු නියෝග මෙම පෙත්සම් විභාගය අවසන් වනතුරු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තවත් නියෝගයක්ද නිකුත් කරනු ලැබීය.