ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට වාරණ නියෝගයක්...

Report

අද (15) කොළඹ දිසා අධිකරණය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වූ බවට පවසන දුෂණ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ‌හෙළිදරව් කිරීමෙන් පසුව එහි උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කළ අනුර විරසිංහට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු පිරිසක් වෙත වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

මේ මස 29 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් නිකුත් කළ වාරණ නියෝගය ,අනුර විරසිංහ විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකි.

ඒ අනුව ,එදින මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා අදාළ පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු පිරිසක් වෙත නොතීසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කර ඇත. පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස් ය.

මෙවර මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්.

මෙවර මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්.


ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින දුෂණ හා අක්‍රමිකතා පිළිබඳව මාධ්‍යා සාකච්ඡාවක් පවත්වා තම සේවා දායකයා කරුණු හෙළිදරව් කළ බව කියා සිටි අතර, ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විසින් තම සේවා දායකයාගේ සේවය නීති විරෝධී ලෙස අත්හිටුවීමට කටයුතු කළ බවත් පැවසු ඔහු ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කළ බවත් පැවසුවේය.

ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට වාරණ නියෝගයක්... | An Injunction Against Cricket President Silva

නීතියට පටහැනි ආකාරයෙන් සිදුකෙරෙන එම විනය පරීක්ෂණය අත් හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලුවේ ය.

එලෙස, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.