තරබාරුකම නිසා පිඩාවට පත්වූ කාලයට තිත.. ක්ෂනිකව කෙට්ටු වෙන්න දැන් ඔයාටත් පුළුවන්..

By Piyumika Oct 16, 2024 03:53 AM GMT
Report

තරබාරුකමෙන් පෙළෙන රැකියා විරහිත පුද්ගලයින්ට බර අඩු කර ගැනීමේ නව යෝජනාවක් බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Lilly නම් ඖෂධ නිෂ්පාදන ආයතනය මගින් ඉක්මනින් ශරීර බර අඩු කර ගත හැකි එන්නතක් නිපදවා ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

හංගපු වාහන එලියට එනවා වගේද මේවා ..දැන්නම් බයත් හිතෙනවා..

හංගපු වාහන එලියට එනවා වගේද මේවා ..දැන්නම් බයත් හිතෙනවා..

බ්‍රිතාන්‍යය පුරා අධික ස්ථූලතාවය නිසා රැකියා විරහිත වූවන් බොහෝ ප්‍රමාණයක් සිටින බවත්, ඔවුන්ගේ ස්ථූලතාව නිසාම රැකියා විරහිත තත්ත්වයට පත්ව ඇති බවත් වාර්තා වනවා.

එම නිසා මෙම Mounjaro එන්නත බ්‍රිතාන්‍යයේ ආර්ථිකයට සහ සෞඛ්‍යයට "ඉතා වැදගත්" විය හැකි බවයි අගමැති BBC වෙත පවසා ඇත්තේ. ඒ මගින් සෞඛ්‍ය පද්ධතියට ඇති පීඩනය ලිහිල් කිරීම සඳහා රජයට සහයක් විය හැකි බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

තරබාරුකමට ප්‍රතිකාර කිරීම සඳහා මෙන්ම දියවැඩියා රෝගීන් සඳහා ද මෙම නව Mounjaro එන්නත එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය අනුමත කර ඇති බව සෞඛ්‍ය ලේකම් වෙස් ස්ට්‍රීටින් පවසනවා.

මෙරට ඉතිහාසයේ ජෛව සම්පත් මංකොල්ලයකට නියම කල වැඩිම දඩ මුදල රුසියානුවන් දෙදෙනෙකුට..

මෙරට ඉතිහාසයේ ජෛව සම්පත් මංකොල්ලයකට නියම කල වැඩිම දඩ මුදල රුසියානුවන් දෙදෙනෙකුට..

තරබාරුකමට සම්බන්ධ රෝග සඳහා එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය වසරකට පවුම් බිලියන 11 ක් වැය කරන බව සඳහන්.

ඉදිරි වසර තුන තුළ පුද්ගලයින් 250,000 කට ආසන්න පිරිසකට තරබාරුකම මට්ටු කිරීම සඳහාම නිපදවූ Mounjaro එන්නත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව නිලධාරීන් පවසා තිබෙනවා.