"කේන්ති යනවා කියලා මෙහෙමත් කේන්ති යෑමක්.. " - මැච් එක පැරදුනා කියලා හොඳටම කේන්ති ගිය කපු මහත්තයා දේවාලෙට කරපු හිතුවෙවත් නැති දේ..

Report

ආසියානු කුසලාන අවසාන තරඟයේ දී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය. 

එම සිදු වූ පරාජය හමුවේ ඉන්දීය දේව රූප පසෙකලූ කපු මහතෙකු පිළිබඳ අපූරු පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම කපු මහතා මහත් ප්‍රසිද්ධියක් උසුලා ඇත්තේ වශී ගුරුකම්, හදි හූනියම් සම්බන්ධයෙන් බව සඳහන් වේ.

ඔහු මෙය සිදුකර ඇත්තේ සිය මිතුරෙකු සමඟ දමාගත් ඔට්ටුවක් පරාද වීම හේතුවෙන් බව ආරංචි වන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහ තරඟයේ දී නිසැකවම ජය ගන්නා බවට කපු මහතා සිය මිතුරන් සමඟ වරින් වර තර්ක කර තිබෙනවා.

ඒ දැඩි විශ්වාසයකින් ය.

නමුත් සිදු වූ පරාජය හේතුවෙන් ඔහුට සිය මිතුරන්ට මුහුණ දීමට පවා නොහැකි තත්ත්වයට පත් වෙලා තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු සිය දේවාලයේ තිබූ ඉන්දියානු සංස්කෘතියෙන් පැවත එන දේව රූප, ප්‍රතිමා සියල්ලම ඉවත් කර ඇති බව වාර්තා වේ.