මොකක්ද මේ අලුත් හැඳුනුම්පතේ කතාව..

By Piyumika Sep 07, 2024 01:42 AM GMT
Report

ආදිවාසීන් ජීවත්වන රක්ෂිත වනාන්තරවලට ඇතුළු වීම සඳහා එම ආදිවාසීන්ට හැඳුනුම්පතක් නිකුත් කිරීමට වන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පෞද්ගලික අංශයේ වැඩකරන ඔයාට අලුත් බලාපොරොත්තුවක්..

පෞද්ගලික අංශයේ වැඩකරන ඔයාට අලුත් බලාපොරොත්තුවක්..

ඒ රක්ෂිත වනාන්තර වෙත ඇතුළු වන විට වනසංරක්ෂණ සහ වනජීවී නිලධාරීන්ගේ විවිධ හිරිහැරවලට පත්වන බවට රතුගල ආදිවාසී නායක දානිගල මහබණ්ඩලාගේ සුද‍ාවන්නිලා හෙවත් ඩී.එම්. සුදුබණ්ඩා විසින් මානව හිමිකම් කොමිසමට සිදුකළ පැමිණිල්ලක් හේතුවෙණි.

ඒ අනුව, එම පැමිණිල්ල විභාග කළ මානව හිමිකම් කොමිසම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ඉල්ලීමක් මත ආදිවාසීන්ට වනයට ඇතුළුවීම සඳහා නීත්‍යනුකූල හැඳුනුම්පතක් ලබාදීමට වන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තුව එකඟතාව පළකර ඇත.

චීනයට අවශ්‍යව සිටි නිල් වරේන්තු කරුවෙකු කටුනායකෙන් අල්ලයි..

චීනයට අවශ්‍යව සිටි නිල් වරේන්තු කරුවෙකු කටුනායකෙන් අල්ලයි..

මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ රතුගල සහ දඹාන ආදිවාසීන්ට හැඳුනුම්පත් නිකුත් කිරීම සිදුකරන බවත් හැඳුනුම්පත් නිකුත් කරන්නේ ආදිවාසී නායකයන් ලබාදෙන නාම ලේඛනයට අනුව පමණක් බවත් වනජීවී සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරණ ලදී.