"අපිට මඩ ගැහුවත් කමක් නෑ.., විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මඩ ගහන්න එපා" මොකක්ද මේ රන්ජන්ගේ මංගල මහා සමුළුවෙදීම සිද්ධ වුණ දේ..

Ranjan Ramanayake Sri Lanka Election Parliament Election 2024
By Piyumika Oct 28, 2024 04:16 AM GMT
Piyumika

Piyumika

Report

'එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ' නැතහොත් මයික් එක ලකුණින් තරග කරන රන්ජන් රාමනායකගේ පක්ෂයේ මංගල මහා සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ (26) දින පැවැත්වීමෙන් අනතුරුව ඇතිවූ බව කියන උණුසුම් තත්ත්වය පිළිබඳව මාධ්‍ය කිහිපයක් ඔස්සේ සිදු කළ ප්‍රචාරය අසත්‍ය බව එම පක්ෂය නියෝජනය කරමින් නිල පැහැදිලි කිරීමක් සිදුකරන මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් මහතා මෙම සිදුවීම් ජාලයම කිසියම් පිරිසකගේ 'මඩක්' බව අනාවරණය කරයි.

මොනවද කියන්නේ කියලා හැමෝම බලන් ඉන්න ගම්මන්පිලගේ දෙවන හෙළිදරව්ව...

මොනවද කියන්නේ කියලා හැමෝම බලන් ඉන්න ගම්මන්පිලගේ දෙවන හෙළිදරව්ව...

මෙම රැස්වීමට සහභාගී වන්නට සරසවි සිසුන්ට වරුවක් සඳහා ප්‍රවාහන පහසුකම්, රුපියල් 1750 ක් හා බත් පැකට් එකක් ලබාදෙන බව දන්වා එහි ගෙන්වා තිබූ නමුත් ඔවුන්ට අදාළ මුදල් නොගෙවා ප්‍රවාහනය පවා සිදුනොකර අතරමංකර තිබුණ බව මෙම මාධ්‍ය වාර්තා මගින් සඳහන් විය.

දැනගන්නට ලැබෙන පරිදි මෙම මාධ්‍ය වාර්තාකරණය සිදුවන්නේ පසුබිමින් දිවෙන දේශපාලන සංසිද්ධියක් මුල් කරගෙනයි. ස්වර්ණවාහිනී ඇතුළු මාධ්‍ය රැසක් හිමි සුභාෂ්කරන්ගේ සම්බන්ධයක් ඇති බව පැවසෙන 'එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ' ඔහුගේ විරුද්ධ වාදී මාධ්‍ය හිමිකරුවන් රුස්සන්නේ නැති නිසා මෙවන් පුවතක් නිර්මාණය කර ප්‍රචාරය කර ඇතැයි දේශපාලන ආරංචි අනුමාන කරයි.

ඊයේ  (27) දින පක්ෂ මූලස්ථානයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් මහතා පැහැදිලි කිරීමක් කරමින් කියා සිටියේ, අදාළ පිරිස විශ්වවිද්‍යාල සිසුන් ලෙස හඳුන්වා දී තිබුණද, ඔවුන්ගේ හැසිරීම හෝ පෙනුමෙන් එය තහවුරු නොවන බවය.

බේකරි ජානා කොටු කර ගත් විශේෂ කාර්ය බළකායේ මහා මෙහෙයුම..

බේකරි ජානා කොටු කර ගත් විශේෂ කාර්ය බළකායේ මහා මෙහෙයුම..

"අපිට මඩ ගැහුවත් කමක් නෑ.., විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මඩ ගහන්න එපා" යනුවෙන් කුමුදේශ් මහතා අවධාරණය කළේය. "මෙය අපගේ මංගල මහා සමුළුවෙන් පිටත සිදුවූ සිද්ධියකි. එය සංවිධානය කර තිබුණේ අප නොවේ.

මෙම සිද්ධිය අපගේ පක්ෂයට ඇති බිය වැඩිවූ පිරිසක් විසින් සංවිධානාත්මකව සිදුකළ ක්‍රියාවක් බව පෙනී යයි. සමුළුව ආවරණය කිරීමට පැමිණි කිසිදු මාධ්‍යවේදියෙකු එහි නොසිටි අතර, චෝදනා කරන පිරිස අපගේ සමුළුවට ද සහභාගී වී නොමැත."

වැරදි කෙනාව මංකොල්ල කන්න ගිහින් සිද්ධ වුණ දෙයක්..

වැරදි කෙනාව මංකොල්ල කන්න ගිහින් සිද්ධ වුණ දෙයක්..

ඔහු තවදුරටත් පවසා සිටියේ මෙම සිද්ධිය පක්ෂ පරිශ්‍රය තුළ සිදු නොවූ බවත්, මෙය කලින් සැලසුම් කර ක්‍රියාත්මක කළ වැඩපිළිවෙලක් බව පෙනී යන බවත්ය.

පක්ෂය විසින් දැඩි ලෙස අවධාරණය කරනු ලබන්නේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ඔවුන්ට දේශපාලන පක්ෂයක් ලෙස ක්‍රියා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. තවද, මාධ්‍ය අතර පවතින සීතල යුද්ධයේ කොටස්කරුවන් වීමට තමන් අපේක්ෂා නොකරන බව ද ඔහු අවධාරණය කළේය.

ReeCha