බ්‍රිතාන්‍ය උණුසුම් තත්වයක..විශේෂ හමුවක් කැඳවා ඇති බව වාර්තා වේ..

By Piyumika Aug 05, 2024 07:32 AM GMT
Report

එංගලන්තය පුරා පැතිරයන කෝලාහල සම්බන්ධයෙන් ගතයුතු පියවර සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් විසින් අද (05) බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයේදී විශේෂ හමුවක් කැඳවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අනුව අමාත්‍යවරුන්, පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්වන බව සඳහන් වේ. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන දහස් ගණනක් විරෝධතාකරුවන්, කඩසාප්පුවලට හානි සිදුකරමින් සංක්‍රමණික වැසියන්ට පහර දෙමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි .

ගංගාරාම අවට රියදුරන්ට විශේෂ පණිවිඩයක් ..

ගංගාරාම අවට රියදුරන්ට විශේෂ පණිවිඩයක් ..

සංක්‍රමණික ජන කොටස් වලට එරෙහිව සති අන්තයේ එරට ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවති අතර එහිදී පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇතිකරගත් 150 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

මීට දින කිහිපයකට ඉහතදී 17 හැවිරිදි තරුණයෙක් විසින් පිහියකින් ඇන කුඩා ගැහැණු දරුවන් තිදෙනෙක් ඝාතනය කර තිබූ අතර එම සිද්ධියෙන් අනතුරුව එරට තුළ දැඩි මුස්ලිම් විරෝධයක් මතුවෙමින් පවතී.

දින විසි එකක් පුරාවට අතුරුදහන්ව සිටි සිසුවා සහ සිසුවියන් තිදෙනා සොයා ගැනේ..

දින විසි එකක් පුරාවට අතුරුදහන්ව සිටි සිසුවා සහ සිසුවියන් තිදෙනා සොයා ගැනේ..

විරෝධතාකරුවන් විසින් සරණාගතයින් පිරිසක් රඳවා සිටින රොතර්හැම් හි හෝටලයකට ප්‍රහාරයක් එල්ලකර තිබුණි. ටැම්වර්ත්, මිඩ්ල්ස්බ්‍රො, බෝල්ටන්, හල් සහ වේමවුත් යන ප්‍රදේශවලද කෝලාහල ඇතිවූ බව සඳහන් ය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විරෝධතාකරුවන් අමතමින් පවසා ඇත්තේ සාමකාමීව හැසිරෙන ලෙසයි.